https://www.gossiplankanews.com/2019/02/red-rose-story-police-university-students.html
මාසයකට වරක් දෙවරක් අන්තර් විශ්ව විද්‍යාල සිසුන්ගේ පාගමන් පැවතීම කොළඹ නගරයට සුපුරුදු දෙයකි. ඒවා පවත්වන අරමුණුද බොහෝ විට කිසිවෙකුට වැදගත් නැත. එම විරෝධතාවයන් නිසා කොළඹ 'ට්‍රැෆික් ' නිර්මාණය කිරීම ඔවුන්ගේ ජයග්‍රහණයකි. කඳුළු ගෑස් හෝ ජල ප්‍රහාර වලින් ඒවා අවසන්වීම පාගමනේ විජයග්‍රාහී අවසානයද වන්නේය.
නමුත් ඊයේ මේ සුපුරුදු පාගමන අවසානයේ නොපුරුදු
ආදරබර පණිවිඩයක් නිසා මාධ්‍ය කැමරා ඇස යොමු විය.

ඒ විශ්ව විද්‍යාල සිසුවියක තම පිරිස අවහිර කරමින් සිටි පොලිස් ප්‍රධානියෙකු වෙත මලක් පිරිනැමීමයි.

ආදරයේ සකේතයක්වූ රතු රෝස මල එලෙස පිරිනැමුයේ අපට බාධා කළත් අපි තරහා නෑ වැනි දෙයක් සිහිපත් කරමිනි. කෙසේ වෙතත් එම මල පොලිස් නිලධාරියා භාරගත්තේ නැත. පසුව ඇය අසළ සිටි වෙනත් සිසුවෙක් පොලිස් නිලධාරියාගේ ඇඟේ එය ගැසූ නමුත් ඔහු එවිට එය ඉවත ලූයේය.

 ලංකාවේ සරසවි සිසුන් ‍පොලිසියට මල් පිරිනමන මෙවැනි විරල අවස්ථා තිබුණත් ගල් ගසන අවස්ථා නම් සුලබය.

විරෝධතා අතර ආරක්ෂක අංශ වෙත මල් පිරිනමන මෙවැනි අවස්ථා ගණනාවක් මින් ඉහත ලෝකය පුරා වාර්තාවී තිබේ. ඒවායේ ඡායාරූප කිහිපයක්ද පහතින් පළවේ.