අම්පාර ප්‍රදේශයේ ගොවී ගම්මානයකට රාත්‍රි කාලයේ කඩා වැදුණු බව කියන කුරු මිනිසුන් දෙදෙනකු මහවිලච්චිය පොලිස් වසමේ ස්ථානයට සිඟිපයකට පෙර්දා (20) සවස් කාලයේ පැමිණ තිබෙන බවත් කුරු
මිනිසකු එල්ල කළ ප්‍රහාරයකින් ප්‍රදේශයේ තරුණ කාන්තාවක් තුවාල ලබා තිබෙන බවත් පවසමින් ගොවි මහතෙකු මහවිලච්චිය පොලිසියට දුරකථනය මගින් දන්වා ඇත. මහවිලච්චිය පොලිස් වසමේ තන්තිරිමලය හන්දිය හැළඹවැව ලිපිනයේ පදිංචි 72 හැවිරිදි කේ. ජයසේන මහතා විසින් පොලිස් ස්ථානයට කළ
එම දැනුම්දීමට අනුව ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරින් නීට්ටෑවන් බවට සැකකරන කුරු මිනිසුන් පැමිණ ඇත්ද යන්න සම්බන්ධයෙන් සොයා ගැනීම සඳහා ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුමක් සිදුකර ඇත. එහෙත් එවැනි කිසිදු පුද්ගලයකු හමු වී නැත.

පෙරේදා (20දා සවස හයයි තිහට පමණ මහවිලච්චිය අලිවංගුව ඇත්දන්කන්ද ප්‍රදේශයේ නිවසකට කුරූ මිනිසුන් (නීරූවන් දෙදෙනකු පැමිණ තිබෙන අතර එම නිවෙස පිටු පස සිටි කාන්තාවගේ අතක් සූරා තුවාල කර ඔවුන් පලා ගොස් ඇති බව ගම්වැසියෝ පැවැසූහ. ඊට අමතරව ඔයාමඩුව හැළඹවැව යන ප්‍රදේශවල කෑලැබද කුඹුරු හා හේන් හරහා කුරු මිනිසුන් ගමන් කරන අයුරු ගොවියන් පිරිසක් දැක තිබෙන බවත් එම අවස්ථාවේ ඔවුන් දුටු කිහිපදෙනකු සිහිසුන් වී ඇති බවත් දැනගන්නට ලැබිණි.  මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ හැලහවැව තන්තිරීමලය හන්දිය පදිංචි කාත්තාවක් මෙසේ පැවැසුවාය

පෙරේදා (20)කුරු මිනිසෙක් කාන්තාවක් හුරලා පලා ගිඟින් තියෙනවා. එක මනුස්සයෙක් අඩි  දෙකක් විතර උසයිලු. අනෙක් මිනිහා අඩි තුනක් විතර උසයිලු. පොල්ලක් අතේ තියාගෙන ඒ පොල්ල බිමට ඇනලා අමුතු ආකාරයට පැන පැන යනවා කියලා තමයි එයා කිව්වේ .

තන්තිරීමලය හංදිය හැලඹෑව පදිංචි ප්‍රියන්ත ඒකනායක (48) මහතා

මේ කතාව ඇත්තක්. මගේ බිරිය දැකලා තියෙනවා. කුරු  මිනිසුන් පිරිසක් වත්තේ පිටුපස ඉන්නවා. අඩි දෙකක් තුනක් උස කුරු මිනිස්සු පිරිසක් තමයි ඇවිල්ලා තියෙන්නේ.

මහවිලච්චිය පොලිසිය පණිවුඩය ලබාදුන් හැලඹවැව පදිංචි 72 හැවිරීදි කේ. ජයසේන මහතා

මට ඇන්දත්කල්ල ප්‍රදේශයේ දරුවෙක් දුරකථනයෙන් කතා කරලා කිව්වා කුරු මිනිසුන් දෙදෙනෙක් කාන්තාවකට පහරදීලා තියෙනවා. ඒ නිසා පරිස්සමින් දොරවල් වහගෙන ඉන්න කියලා. මම ඒ පිළිබඳව මහවිලච්චිය පොලිසියට දැන්වූවා. පොලිසියේ මහත්වරු කිව්වා  ඒ පිළිබඳව හොයා බැලුවා. නමුත් එහෙම පිරිසක් හමුවෙලා නෑ කියලා. හැබැයි කාන්තාවක් සතකු සිරීම නිසා තුවාල ලබා ඉන්නවා. නමුත් සතාව  හදුනාගෙන නෑ කියලා කිව්වා.