https://www.gossiplankanews.com/2019/01/tensew-situ-itn.html
සුගිය දිනවල දෙමුහුන් පාලනයක් පිහිටුවීමෙන් පසු ස්වාධීන රූපවාහිනි නාලිකාවේ බලය අල්ලාගැනීමට එක්තරා පිරිසක් කටයුතු කරමින් සිටින අතර අද එහි උණුසුම් තත්වයක් ඇතිවී කැරළි මර්දන ඒකකද කැඳවන්නට පොලිසියට සිදුව තිබේ.
අද කලබලය හටගෙන ඇත්තේ
ආයතනයේ සාමාන්‍යාධිකාරීන් දෙදෙනෙකු

පරිශ්‍රයට ඇතුළුවීමට පැමිනි අවස්තාවේ ඇතිවූ සේවක පිරිසකගේ විරෝධය සමගයි.

ස්වාධීන රූපවාහිනියේ සභාපති මංගල ඇමති විසින්ද අධ්‍යක්ෂ ජනරාල් මෛත්‍රී ජනපති විසින්ද පත් කිරීමෙන් පසු එහි ඇතැම් නිලධාරීන් එළවා දමන්නට මහින්ද ලෝලීන් කටයුතු කළ අතර මේ නිසා පසුගිය දිනවල විරෝධතාද පැවතිණි.

කෙසේ වෙතත් අනතුරුව සභාපතිනිය විසින් සේවකයින් 13 දෙනෙකුගේ වැඩ තහනම් කෙරිණි. ඒ අය සමග සහයෝගය දක්වන දේශපාලන කන්ඩායමකට අයත් පිරිස් නැවත නැවත මෙහි අර්බුද ඇති කරන බව පැවසේ.