https://www.gossiplankanews.com/2019/01/rohitha-rajapaksa-wedding.html#more
විපක්ෂ නායක මහින්ද රාජපක්ෂගේ බාල පුතු රෝහිත රාජපක්ෂ ලබන බදාදා (23) විවාහ දිවියට පිවිසීමට නියමිතය. ඔහු විවාහ වන්නේ කාලයක් තිස්සේ ඔහුගේ පෙම්වතියවූ ටට්යානා ලිවේරා මෙනෙවිය සමගිනි.
මෙම විවාහ මංගල්‍යය මහින්ද රාජපක්ෂගේ පුතුන්ගේ විවාහ අතරින්
පළමුවැන්න ලෙස පැවැත්වීමත් මෙම දෙදෙනාම දැනටමත් රටේ කතාබහට ලක්වූ පෙම්වතුන් බවට පත්ව තිබීමත් නිසා ඒ ගැන විශාල අවධානයක් යොමුව තිබේ.
කෙසේ වෙතත් විවාහය ගැන විස්තර අවසන් මොහොත දක්වා රහසක් ලෙස තබාගන්නට සියලුම පාර්ශ්ව කටයුතු කර තිබේ.
මෙම විවාහය පිළිබඳ

ආරංචිය මීට සති කිහිපයකට පෙර මංගල ආරාධනා පත්‍රයක් නිසා මාධ්‍ය වෙත හෙළිවූ අතර එහි සඳහන් වූයේ තංගල්ලේ හෝටලයක එය පැවැත්වෙන බවකි. කෙසේ වෙතත් ඊට දිනකට පසුව එම ඇරයුම් පත ව්‍යාජ එකක් ලෙස පමණක් රෝහිත ප්‍රකාශයක් නිකුත් කළ මුත් විවාහ දිනය ප්‍රතික්ෂේප කර තිබුනේ නැත. පසුව මහින්ද රාජපක්ෂ මාධ්‍ය ලේකම් වරයාද විවාහය ජනවාරි 23 බව තහවුරු කළ අතර ඊට වඩා වැඩියමක් කියා නැත.
මේ අතර අද (20) ඉරිදා දිවයින පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් ලබාදී තිබෙන රෝහිත රාජපක්ෂ සිය පෙම්වතිය ගැන විස්තරත් විවාහය 23 වන බදාදා සිදුවන බවත් දන්වා ඇත. කෙසේ වෙතත් විවාහය සිදුවන ආකාරය විස්තර කර නැත.
මේ අතර කොළඹ වරායේ ආරංචි හෙළි කරන්නේ මහින්ද රාජපක්ෂගේ පුතුගේ විවාහය සැලවීමෙන් පසු ඒ සඳහා තෑගි කරන්නට ලංකාවේ ප්‍රධාන පෙලේ ව්‍යාපාරිකයෙකු ඇස්ටන් මාටින් වර්ගයේ මිල අධික වාහනයක් විදේශයකින් ඇනවුම් කර පසුගිය සතියේ එය ලංකාවට පැමිණි බවයි.
රෝහිත රාජපක්ෂ අද දිවයින පුවත්පතට ලබාදුන් සම්මුඛ සාකච්චාවේදී විවාහය ගැන කියූ කොටස පහතින්
----------
රෝහිත රාජපක්ෂ කියන්නේ ආදරණීය පෙම්වතෙක් ඉතින් රෝහිත තමන්ගේ girlfriend ට විවාහ යෝජනාව කරන්නේ වෙනස් විදියට නේද?
ඔව්. මම ඇයට විවාහ යෝජනාව කරන්නේ අප්‍රිකාවේ උසම කන්ද උඩදී. සාමාන්‍යයෙන් අපි නිතරම මගේ යාළුවොත් එක්ක travel කරනවා. ඉතින් trip එකක් විදියට තමයි අපි‍්‍රකාවේ උසම කන්ද අපි තරණය කරන්න ගියේ. ඇත්තම කිව්වොත් අපි Challanges වලට ගොඩක් ආසයි. ඒ නිසා මමයි මගේ girlfriend යහළුවෝ කිහිප දෙනෙක් එක්ක විටින් විට රටවල්වලට ගිහින් කඳු නඟිනවා. කොහොම නමුත් මට හිතුණා ඒක තමයි හොඳම අවස්ථාව කියලා විවාහ යෝජනාව ඇයට කරන්න ඉතින් මම ඇයට Propose කළා.

මේ ආදර කතාවට දැන් කොපමණ කල් වෙනවද?

දැන් කාලයක් වෙනවා. ඇත්තටම අපි දෙන්නා හොඳින් තේරුම් ගෙන ගොඩක් ආදරෙන් ඉන්නවා.

අපිට ආරංචි වුණා රෝහිතටත් මංගල සීනු හඬ වෙලා කියලා. ළඟදී විවාහ වෙන්න නේද ඉන්නෙ?
(සිනාසෙමින්) ඔව්. ජනවාරි 23 අපි විවාහ වෙනවා.

රෝහිතගේ විවාහය ගැන මින් ඉහත අප හෙළි කළ ලිපිය
මහින්දගේ බාලපුුතු රෝහිතගේ විවාහය