Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Follow Us on Youtube & Twitter

Advertisements

Trending

Advertisement

Gossip Lanka ලිපි ඔබේ Email ට ගෙන්වාගන්න

https://www.gossiplankanews.com/2019/01/arjuna-matara-beliatta-train-incident.html
දිකිරීම අවසන්වූ මාතර – බෙලිඅත්ත දුම්රිය මාර්ගයේ පළමු දුම්රිය ගමන අද උදෑසන සිදු කරන්නට කටයුතු යොදා තිබුන අතර ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මාතර දක්වා දුම්රියෙන් ගමනක් සිදු කර නිරීක්ෂණය කරන්නට බෙලිඅත්තට ගොස් තිබුණි.
මේ වෙනුවෙන් බෙලිඅත්ත දුම්රිය ස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් සිටියදී
අමාත්‍ය අර්ජුන වෙත හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත සහය පළ කරන ආධාරකරුවන් පිරිසක් විරුද්ධත්වය පළ කර තිබේ. ඔවුන් පවසා ඇත්තේ මෙය මහින්ද රාජපක්ෂ ඉදිකරන ලද්දක් බැවින් ඇමතිවරයාට විවෘත කිරීම උචිත නොවන බවයි.

එම අවස්ථාවේ ගමන් කරන්නට නියමිත නිරීක්ෂණ චාරිකා

දුම්රියේ මහින්ද රාජපක්ෂගේ ඡායාරූප සහ බැනර් සවි කර තිබූ අතර විරෝධතාකරුවන් එහි ඇමති අර්ජුනට ගමන් කිරීම අවහිර කරන ලදි.

විරෝධතා පුවරු රැගෙන ඇමතිවරයා සමීපයට විත් කෑකෝගසමින් ඔවුන් විරෝධය පළ කරන ලද්දේ
මහින්ද හදපුවායින් ලකුණු ලබාගන්නට අහක සිටින ඇමතිවරුන් උත්සාහ කරන්නට එපා යනුවෙනි.

කෙසේ වෙතත් කලබලය තුළ එයට එරෙහිව කිසිවක් නොකරන්නට ඇමතිවරයා පියවර ගෙන තිබේ . විරෝධතාව මාධ්‍යයේ අවධානයටද යොමුවූ අතර අමාත්‍යවරයා මාධ්‍යට අදහස් ප්‍රකාශ කිරීමද ප්‍රතික්ෂේප කළේය.

අද පෙරවරු 10.00 බෙලිඅත්ත සිට මාතර දක්වා අදාළ දුම්රිය ධාවනය කිරීමට නියමිතව තිබුණද ඒ අනුව එය නියමිත වේලාවට සිදු වූයේ නැත.
පැමිණි ආරක්සකයින්ගේ සහායෙන් ඇමතිවරයා දුම්රියට නැගගෙන තිබෙන අතර
ඒ අනුව දුම්රිය ටික දුරක් ඉදිරියට ඇදෙන විට දුම්රිය මාර්ගය ඉදි කිරීමේ දී වහලකින් ඇද වැටී මිය ගිය තරුණයකුගේ ඥාතීන් පිරිසක් සාධාරණ වන්දියක් ඉල්ලු දුම්රිය මාර්ගය මැද වාඩි වී විරෝධයක නිරත විය.
ඔවුන්ට ද සාධාරණ විසදුමක් ලබා දෙන බවට අර්ජුන රණතුංග මහතා පොරොන්දු වීමෙන් පසු එම පිරිස දුම්රිය මාර්ගයෙන් ඉවත් කර යළි දුම්රිය මාතර බලා ධාවනය ආරම්භ කෙරිණි.
කැකණදුර සිට බෙලිඅත්ත දක්වා විවිධ ස්ථානයන්හි  මගීහු  මහින්ද රාජපක්ෂ මහතාගේ රුව සහිත බැනර් හා පෝස්ටර් ප්‍රදර්ශනය කරමින් දුම්රිය මග දෙපසට වී  සිය විරෝධතාව පළ කරමින් සිටි බව වාර්තාවේ..
ඇමතිවරයා යද්දී මහින්ද ලෝලීන් පිරිස හූ හඩ නගා සංතෝෂය පළ කර ඇත.

මාතර සිට කතරගම දක්වා වූ යෝජිත දුම්රිය මාර්ගයේ ඉදි කිරීම් අදියර තුනක් යටතේ සිදුවන අතර පළමු අදියර  ලෙස කිලෝමීටර් 26 ක දුරින් යුත් මාතර සිට බෙලිඅත්ත දක්වා කොටස මෙලෙස අද විවෘත කරන්නට නියමිතව තිබුණි.

 බෙලිඅත්ත සිට හම්බන්තොට දක්වාත් හම්බන්තොට සිට කතරගම ද දක්වාත් ඉතිරි කොටස් ඉදිරියේදී අවසන් කිරීමට නියමිතය.
ලංකාවේ දිගම දුම්රිය උමග ද මීටර් 615 කින් කැකණදුර පිහිටා ඇත්තේ මාතර- බෙලිඅත්ත දුම්රිය මාර්ගයේයි.










photo- courtesy- lankadeepa.lk











Gossip Lanka Previous News

තවත් පුවත්

gossip lanka, gossiplankanews.com, gossiplanka, gosiplanka, gossiplankanews, gossiplanka.lk, gossiplanka.com,hiru,hirugossip,neth,neth gossip, sinhala, hot, sri lanka, wedding, rumours,facebook,lankanews, dehiwala, moratuwa, colombo, rajagiriya, kandy, galle, kurunegala, nugegoda, negombo, matara, anuradhapura,kalutara, gampaha, jaffna

Gossip Lanka Side News

Like Us on Facebook

Advertisement

Latest Picture Collections

Gossip Lanka Stats