Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Advertisements

Trending

Advertisement

Gossip Lanka ලිපි ඔබේ Email ට ගෙන්වාගන්න

https://www.gossiplankanews.com/2019/01/140-thisara-perera.html#more
මේ දිනවල තිසර පෙරේරා හා ලසිත් මාලිංග සම්බන්ධ කරමින් විවිධ කතා පැතිරෙන අතරේ අද නවසීලන්ත පිල සමග ශ්‍රී ලංකාව තරග කළ දෙවන එක්දින තරගයේදී තිසර විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කිරීම වාර්තා විය.මෙම තරගයෙන් ලකුණු 21 ක ජයක් වාර්තා කිරීමට
නවසීලන්ත කණ්ඩායම අද (05) සමත් වුණා. මෙම තරගයේදී 140 ක් ලබා සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ තිසර පෙරේරාගේ පිතිහරඹය පිළිබදව බොහෝ දෙනාගේ කතාබහට ලක්වීම විශේෂත්වයකි. පසුපෙළ ක්‍රීඩකයින්ගේ දුර්වලතාව නිසා ජයග්‍රහණය වැළකී යාම අවාසනාවකි.

තිසර පෙරේරා අද තරගයේදී පන්දු 74 කදී ලකුණු 140 ක් රැස් කළේ නවසීලන්ත පන්දු යවන්නන්ට අනුකම්පා විරහිත පිතිප‍්‍රහාරයක් දියත් කරමිනි.

තිසරගේ ඉනිමට ඇතුළත් වූ හයේ පහර සංඛ්‍යාව 13 කි.
මෙම තරගයේදී පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර පනහේදි කඩුළු 7 ක් දැවී ලකුණු 319 ක් රැස් කළා. එම ඉලක්කය හඹා ගිය ශී‍්‍ර ලංකා කණ්ඩායමට පන්දුවාර 46 යි පන්දු 2 ක් අවසානයේ සියල්ලන් දැවී රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණු 298 ක් පමණයි.

මිට පෙර නවසිලන්ත කණ්ඩායමට එරෙහිව එක්දින තරගයකදී වැඩිම ලකුණු සංඛ්‍යාවක් (140) වාර්තා කර සිටි සුපිරි ශ්‍රී ලාංකික පිතිකරු සනත් ජයසුරියගේ ලකුණු තත්ත්වය සම කිරීමටද තිසර පෙරේරා අද සමත් වුනා. ඊට අමතරව ශ්‍රී ලාංකික පිතිකරුවෙක් ඉනිමකදී රැස්කරන ලද වැඩිම හයේ පහර සංඛ්‍යාවේ වාර්තාව තමන් සතුකර ගැනීමට තිසර පෙරේරා සමත් වුනා. ඒ අද තරගයේදී හයේ පහර 13ක් එල්ල කරමින්. මිට පෙර එම වාර්තාවට හිමිකම් කියුවේ සනත් ජයසුරියයි. ජයසුරිය එක්දින තරග ඉනිමකදී හයේ පහර 11ක් එල්ල කරමින් එම වාර්තාවට හිමිකම් කියනු ලැබුවා.

” තිසර පෙරේරා අද දිනයේ ක්‍රීඩා කලේ අදහාගත නොහැකි ඉනිමක් බවයි. ඔහු තරග දිනවන ක්‍රීඩකයෙක් යැයි මම නිතරම විශ්වාස කරනවා. ඒ වගේම අද ඔහු ඒ ආසන්නයට අපව කැඳවා ගෙන ආවා. කණ්ඩායමක් ලෙසට ඔහු ගැන අප සතුටු වනවා යැයි” තරගය අවසානයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකා පිලේ නායක ලසිත් මාලිංග කියා සිටියා.






----------------
නවතම පුවත් සමග එසැණින් යාවෙන්න
- ගොසිප් ලංකා ෆේස් බුක්පිටුව - මෙතැනින්
- ගොසිප් ලංකා යූටියුබ් නාලිකාව - මෙතැනින්
- ගොසිප් ලංකා ට්විටර් පිටුව - මෙතැනින්







Gossip Lanka Previous News

තවත් පුවත්

gossip lanka, gossiplankanews.com, gossiplanka, gosiplanka, gossiplankanews, gossiplanka.lk, gossiplanka.com,hiru,hirugossip,neth,neth gossip, sinhala, hot, sri lanka, wedding, rumours,facebook,lankanews, dehiwala, moratuwa, colombo, rajagiriya, kandy, galle, kurunegala, nugegoda, negombo, matara, anuradhapura,kalutara, gampaha, jaffna

Gossip Lanka Side News

Advertisement

Latest Picture Collections

Gossip Lanka Stats

Like Us on Facebook

Follow Us on Youtube & Twitter