https://www.gossiplankanews.com/2019/01/2019-vehicle-price-hike-tax.html#more
බන අය -වැය මඟින් වාහන සඳහා පනවා තිබෙන බදු ප්‍රමාණය තවත් වැඩිකරනු ඇතැයි සැකයක් පවතින බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ ලේකම් කීර්ති ගුණවර්ධන මහතා පවසා තිබේ. මීට පෙරද සෑම වර්ෂයකම අය-වැය සැකසීමට පෙර
වාහන ආනයන සංගම් නියෝජිතයන් මුදල් අමාත්‍යාංශයට කැඳවා අදහස් ලබා ගත් නමුත් මෙවර එවැනි අවස්ථාවක් ලබා නොදුන් බවද පවසන ඔහු මේ වනවිට වාහන අලෙවිය විශාල ලෙස පහත වැටී ඇතැයිද, ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීම, ජපන් යෙන් එකක මිල රුපියල 1.75ක් දක්වා වෙනස් වී තිබීම යන කරුණු නිසා වාහන ආනයන වියදමද පෙර නොවූ පරිදි වැඩි වී ඇතැයිද පැවැසීය.

මේ වනවිට වාහන ඇණවුම් කිරීමේදී බැංකුවලට ගෙවන මුදල දෙගුණයකින් වැඩි කිරීම ඇතුළු කාරණා කර්මාන්තය කඩා වැටීමට හේතු වී ඇති බවට කීර්ති ගුණවර්ධන මහතා පැහැදිලි කළේය. 

ලබන මාර්තුවේදී පාර්ලිමේන්තුවට ගෙන ඒමට නියමිත අය - වැය මඟින් ආනයනික වාහන බදු තවත් වැඩිවනු ඇතැයිද අය - වැය සැකසීමට පෙර මුදල් අමාත්‍යාංශය තම සංගම් වෙත ප්‍රථම වතාවට අවස්ථාව ලබා නොදුන්නේ සහන සැලසීම නොකරන නිසා වන්නට පුළුවනැයි ද දන්වා සිටියේය.

මේ අතර මේ වසරේ ජනවාරි 01වදා සිට ක්‍රියාත්මකවන පරිදි  රථ වාහන සඳහා කාබන් බද්දක් ක්‍රියාත්මක බව මොටර් රථ ප්‍රවාහන කොමසාරින් දෙපාර්තමේන්තුව පවසා ඇත.

විද්‍යුත් මෝටර් රථ හැර සෙසු සියලූ රථ වාහන සදහා කාබන් බද්දක් අය කිරීමට තීරණය කර ඇත.
නිෂ්පාදිත වර්ෂය අවුරුදු පහට අඩු සෑම වාහනයකින්ම ඝණ මීටරයකට ශත 25ක බද්දක් සහ අවුරුදු පහත් - දහයත් අතර වාහනවලින් ඝණ මීටරයකට ශත 50ක බද්දක් මේ යටතේ අය කෙරන අතර වාහන හිමියන් විසින් ආදායම් බලපත‍්‍ර ලබාගන්නා අවස්ථාවේදී මෙම කාබන් බද්ද ගෙවිය යුතු බවද මෝටර් රථ ප‍්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා ප‍්‍රකාශ කර තිබේ.

වාහන කාබන් බද්ද මේ වසරේ ජනවාරි සිට ක්‍රියාත්මක වුවත් එය නොගෙවන වාහන හිමියන්ට එරෙහිව මේ වසර තුළදී ක්‍රියාමාර්ග නොගන්නා බව මෝටර් රථ කොමසාරිස් ජනරාල් ජගත් චන්ද්‍රසිරි මහතා සඳහන් කළේය.
එහෙත් ලබන වසරේ සිට නීතිය ක්‍රියාත්මක වන බවත් මේ නිසා මේ වසරට අදාළ කාබන් බද්ද ලබන වසරේදී කිසිඳු දඩ මුදලකට යටත් නොවී ගෙවිය හැකි බවද පවසා සිටියේය.