https://www.gossiplankanews.com/2018/12/police-officers-death-mystery.html#more
යේ මඩකලපුව වවුනතිව් පොලිස් මාර්ග බාධකයේ රාජකාරියේ යෙදෙමින් සිටියදී පොලිස් කොස්තාපල් වරුන් දෙදෙනෙකු මියයාමේ සිද්ධිය මේ වනවිට අභිරහසක් බවට පත්ව තිබේ.
මෙසේ මියගොස් ඇත්මත් වවුනතිව් පොලිස් ස්ථානයට අනුයුක්තව රාජිකාරි කළ පොලිස් කොස්තාපල්වරුන් වන නිරෝෂත් ඉන්දික
ප්‍රසන්න උඩුගම (35)සහ ගනේෂ් දිනේෂ් (28) යන දෙදෙනාය.
පොලිස් කොස්තාපල් නිරොෂන්ගේ සිරුර පොලිස් මුරකුටියේ තිබුණ ඇඳක් මතද අත් පසුපසට කර ලණුවකින් ගැටගැසූ දිනේෂ්ගේ සිරුර මුරපොළ ඉදිරිපිටද වැටී තිබී ඇත. දෙදෙනාටම වෙඩි තබා තිබූ අතර හිසේ හා පපුවේ

තුවාල තිබී හමුවී ඇත.‍ෙ
ටී 56 හිස්උණ්ඩ 05 ක් පමණ අපරාධය සිදුකළ ස්ථානයේ තිබී  ඇත.

පොලිස් නිලධාරින් දෙදෙනා බ්‍රහස්පතින්දා (29) සවස 6.00 සිට සිකුරාදා අලුයම 6.00 දක්වා රාජකාරී කරන්නට එහි රැඳී සිට ඇත. මුරපොළ පිහිටා ඇත්තේ පොලිස් ස්ථානයේ සිට කිලෝමීටර එකහමාරක් පමණ දුරින් බවත් වාර්තා විය එදින විශේෂ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මකවූ බවත් ඒ නිසා මෙම දෙදෙනාට අමතරව තවත් කෙනෙකු සිද්ධිය වූ දින සවස 6 සිට රාත්‍රී 10 පමණ තෙක් තෙවැන්නෙකු ලෙස අදාළ මුරපොළේ රැඳී සිට ඇති බව වාර්තා විය.

මෙම මුර පොළේ රාජකාරියේ යොදවා සිටි පොලිස් නිලධාරීන් දෙදෙනාගේ රාජකාරි අධික්ෂණය කිරීමට  පොලිස් ස්ථානාධිපතිවරයා සහ සහකාර පොලිස් අධිකාරිවරයෙකුද එදින මධ්‍යම රාත්‍රියේ මුරපොළ වෙත ගොස් තිඛෙන බවද  සැලවිය.දැනට සිදුකර ඇති මූලික පරීක්ෂණ අනුව ඝාතන සිදුවන්නට ඇත්තේ අළුයම 1-3 අතර බව පැවසේ.
උදේ 6 ට ඊළඟ මුරය සඳහා රාජකාරියට ගිය දෙදෙනාට මෙම මළ සිරුරු හමුවීමෙන් පසු ඝාතනය ගැන දැනගන්නට ලැබුණි.

වටුනතිව් පොලීසියේ නිලධාරින් කණ්ඩායමක් එහි ගොස් පරික්ෂණ ආරම්භ කරනු ලැබුයේ ඉන් පසුවය. ෙමෙම පොලිස් මුරපොළ පිහිටා ඇත්තේ මඩකලපුව කලපුව ආසන්නයේ පාලම අසලය.
මෙම සිදුවීමෙන් පසු පොලිස්පති පූජිත් ජයසුන්දර ඇතුලු විහේෂ කන්ඩායමක්ද මේ ගැන සොයාබලන්නට ගොස් තිබේ.
මෙම ක්‍රියාව කවරකු විසින් සිදු කරන ලද්දක්දැයි තවම තහවුරුවී නැත.