https://www.gossiplankanews.com/2018/12/mahinda-judge.html

3.36 pm Update
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට හා කැබිනට් මණ්ඩලයේ කටයුතු තාවකාලිකව අත්හිටුවිමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය. ලබන 12 වනදා දක්වා මෙම තහනම බලපැවැත්වෙන අතර එදින යලි පෙත්සම සලකා බලනු ඇත.
ඊළඟ පෙත්සම් දිනයේදී මහින්ද රාජපක්ෂ මහතාට සහ වත්මන් අමාත්‍ය මණ්ඩලයේ අයට අභියාචනාධිකරණය හමුවේ පෙනී සිටින්නැයිද අභියාචනාධිකරණයෙන් අද (03) නොතීසි නිකුත් කළේය.මහින්ද රාජපක්ෂ මහතාට සහ වත්මන් අමාත්‍ය මණ්ඩලයට
එම ධූර දැරීමට නීත්‍යනුකූල හිමිකමක් නොමැති බවට නියෝග කරන රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා   එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 122 දෙනෙකු ගොනු කල රිට් පෙත්සම අසා නිමවන තුරු මෙම අතුරු නියෝගය බල පැවැත්වේ.
අභියාචනාධිකරණයේදී දෙවන දිනටත් අද (03) සියලු කරුණු දැක්වීම අවසන් කල අතර තීන්දුව සවස 3.30ට  ලබා දෙන ලදී.
පෙත්සම  අභියාචනාධිකරණ විනිසුරු ප්‍රිතිපද්මන් සූරසේන සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කෙරිනී. 

මහින්ද රාජපක්ෂ මහතාට අග්‍රාමාත්‍ය ධුරය දැරිමට සහ වත්මන් අමාත්‍ය මණ්ඩලට
අමාත්‍ය ධුර දැරිමේ නිත්‍යානුකූල හිමිකමක් නොමැති බැවින් ඔවුන්ගේ පත්විම් බල රහිත කරන ලෙස අදාල පෙත්සම මගින් ඉල්ලා තිබුණි.
මෙම තීන්දුව අනුව දැන් ලංකාවේ අගමැතිවරයෙකු හා ඇමතිවරුන් නොමැත.
-------------


3.30 pm Update
 අගමැතිගේ තීන්දුව දෙන අතරේ මරදානේ පොහොට්ටු රැලියක් සංවිධානය කර ඇත.
 තීන්දුව දෙන්නට නියමිතව තිබියදී ඒ ආසන්නයේම මරදානේ ජාතික එකමුතුව නමැති ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට අනුබද්ධ සංවිධානය මගින් “ජනවරමට අවසරයි” යනුවෙන්
ජන රැළියක් සංවිධානය කර ඇත.මේ හේතුවෙන් මරදාන අවට දැඩි රථවාහන තදබදයක්ද හටගෙන ඇත.
මෙම රැලිය ඒ ආසන්නයේම සංවිධානය කර ඇත්තේ ජනතාවගේ ශක්තිය අධිකරණයට පෙන්වීමේ අටියෙනි.

3.00 pm Update
අද අභියාචනාධිකරණයේදී විභාගයට ගැනෙන අගමැති මහින්දගේ නීත්‍යානුකූලභාවය පිලිබඳ තීන්දුව දැක බලාගන්නට පක්ෂ විපක්ෂ දෙපිරිසේම නීතීඥයින් ඇතුළු දේශපාලනඥයින් මේ වනවිට
අධිකරණයට රැස්ව සිටී. (Pictures by Krishan Kariyawasam)


 2.30 pm
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සහ වත්මන් අමාත්‍ය මණ්ඩලයට එම ධූර දැරීමට නීත්‍යනුකූල හිමිකමක්
නොමැති බවට එක්සත් ජාතික පක්ෂය ගොනු කළ පෙත්සමක් අභියාචනාධිකරණයේදී දෙවන දිනටත් අද (03) කැඳවු අතර  සියලු කරුණු දැක්වීම අවසන්  කරමින් එහි  තීන්දුව සවස 3.00ට ප්‍රකාශයට පත් කීරීමට අභියාචනාධිකරණය තීන්දු කළේය.
ඒ අනුව පෙත්සම
විභාගයට ගන්නවාද නැත්ද පිළිබද තීන්දුව ප්‍රකාශයට පත් කරන බවද විනිසුරු මඩුල්ල තීන්දු කළේය.
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 122 දෙනෙකු විසින් අදාළ පෙත්සම ගොනු කර ඇත.
මහින්ද රාජපක්ෂ මහතාට අග්‍රාමාත්‍ය ධුරය දැරිමට සහ වත්මන් අමාත්‍ය මණ්ඩලට අමාත්‍ය ධුර දැරිමේ නිත්‍යානුකූල හිමිකමක් නොමැති බැවින් ඔවුන්ගේ පත්විම් බල රහිත කරන ලෙස අදාල පෙත්සම මගින් ඉල්ලා තිබේ.
පෙත්සම මේ වන විට අභියාචනාධිකරණ විනිසුරු ප්‍රිතිපද්මන් සූරසේන සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඩුල්ල හමුවේ විභාගයට ගැණිනි.