ඉන්දියානු ආධාර යටතේ මෑතකදී දිවයින පුරා ව්‍යාප්ත කළ සුවසැරිය හදිසි ගිලන් රථ සේවාව හැකි ඉක්මනින් දිවයින පුරා ව්‍යාප්ත කිරීමට බලාපොරොත්තු වන බව ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය නිවේදනයක්
නිකුත් කරමින් පැවසීය. ශ්‍රී ලංකා රජයේ ඉල්ලීමක් අනුව මෙම හදිසි ගිලන් රථ සේවය 2016 වසරේදී ඇමරිකානු ඩොලර් මිලියන 7.56ක ඉන්දියානු ප්‍රදානයක් යටතේ  පළමුව බස්නාහිර සහ දකුණු පළාත්වල ආරම්භ  කෙරුණු අතර එහිදී ගිලන් රථ 88ක්, වසරක් සඳහා මෙහෙයුම්
වියදම් සහ හදිසි ප්‍රතිචාර මධ්‍යස්ථානයක් ද ස්ථාපනය කෙරිණි.

2018 ජූලි මාසයේ සිට උතුරු පළාතෙත්, අගෝස්තු මාසයේ සිට ඌව පළාතෙත්, සැප්තැම්බර් මාසයේ සිට උතුරු මැද පළාතේත්, ඔක්තෝබර් මාසයේ සිට වයඹ පළාතෙත්, නොවැම්බර් මාසයේ සිට මධ්‍යම පළාතෙත් සුවසැරිය ක්‍රියාත්මක කෙරුණ අතර මේ වන විට මෙම සේවාව පළාත් 07ක ව්‍යාප්තව තිබේ. සබරගමුව හා නැගෙනහිර පළාත්වල මෙම සේවාව ඉතා ඉක්මනින් ක්‍රියාත්මක කිරිමටද ඉන්දියානු රජය පියවර ගෙන තිබේ. සුවසැරිය ගිලන් රථ සේවාවේ සාර්ථකත්වය හේතුවෙන් මෙම සේවාව දිවයින පුරා ව්‍යාප්ත කරන ලෙස ශ්‍රී ලංකා රජය ඉන්දීය රජය වෙත ඉල්ලීමක් කර ඇති අතර ඒ අනුව 2017 මැයි මස ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙම හදිසි ගිලන් රථ සේය ඉන්දීය ප්‍රදාන යටතේ ශ්‍රී ලංකාව පුරා ව්‍යාප්ත කරන බව ප්‍රකාශ කළේය.
මෙම සුවසැරිය රථ මධ්‍යම පලාත වෙනුවෙන්  විශේෂ ධාවනය අවශ්‍ය නිසා 4x4 වාහන ගෙන්වා ඇති බවද වාර්තාවේ.


-අසේල ලියනගේ-