https://www.gossiplankanews.com/2018/12/katuwana-incident.html
ටුවන පොලිස් ස්ථානය වටලා ගම්වාසීන් පහරදීමේ සිද්ධියක් නිසා ඊයේ රාත්‍රියේ කලබලයක් හටගත්තා. තංගල්ල පොලිස් කොට්ඨාසයේ පිහිටි කටුවන පොලිසියට එරෙහිව  ගම්වාසින් මේ ආකාරයට කලබල කර ඇත්තේ පොලිස් පහරදීමක් නිසා නිරපරාදේ
පුද්ගලයෙකු මරණයට පත්වීමේ සිද්ධියක් මුල් කරගෙනයි.

කටුවන ප්‍රදේශයේ නීතිවිරෝධි මත්පැන් පෙරීමේ ස්ථානයක් වැටලීම සදහා ගිය පොලිස් නිලධාරින් කණ්ඩායමක් මෙම පහරදීම සිදු කර ඇති අතර සිද්ධිය නිසා මියගොස් ඇත්තේ 50 හැවිරිදි පුද්ගලයෙකි.

නීතිවිරෝධි කටයුත්තක් සිදු කරන්නේ නම් නීතිය අනුව ඔහුට දඩුවම් ලබාදීමට ක්‍රියා නොකර පොලිසිය නීතිය අතට ගෙන මෙම පුද්ගලයා මරාදමා ඇති බව විරෝධතාව දක්වන ගම්වාසීන්ගේ අදහසයි. රාත්‍රී වන විට පොලිසිය මුලුමනින්ම පාහේ ගම්වාසීන්ගෙන් පිරී ගිය බවද වාර්තා විය.

අද (12) සවස කටුවන නීතිවිරෝධි මත්පැන් පෙරීමේ ස්ථානය තුළ ඇතිවූ සිද්ධිය පිලිබඳ මේවනවිටත් විමර්ශනයක් අරමා තිබේ.
වැටලීම සදහා ගිය පොලිස් නිලධාරින්ට මත්පැන් පෙරන්නන් බාධා කර ඇති බවටද පොලිසිය වෙත ප්‍රහාර සිදුකරන්නට දැරූ උත්සාහයන් ගැනද ආරංචි පවතී.
කුපිතවූ ඇතැම් ගම්වැසියන් විසින් පොලිසියට ගල් වලින් පවා පහරදී ඇති අතර ප්‍රදේශයේ මාර්ග වල ටයර් ද පුළුස්සා දමා ඇත.

අමතර ආරක්ෂාව සදහා පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් සහ අවට පොලිස් ස්ථාන වලින් අතිරේක නිලධාරින් කැඳවා තිබූ බව වාර්තා විය.