ඇඹිලිපිටිය 96 හන්දිය ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තවත් අයෙකු තුවාල ලබා
තිබේ.
පොලීසිය සඳහන් කළේ,
බස් රථයක් සහ යතුරු පැදියක් එකිනෙක ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි.
අනතුරත් සමග ප්‍රදේශයේ නොසන්සුන්තාවක් ද හටගෙන ඇතැයි පොලීසිය සඳහන් කළේ ය.
තුවාලකරු ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර, අප වාර්තාකරු සඳහන් කළේ අනතුරත් සමග පිරිසක් බස් රථයට ගිනි තබා ඇති බවයි.