https://www.gossiplankanews.com/2018/12/itn-ceo-issue.html#more
සුගිය දින 50 දේශපාලන බල පෙරළියෙන් පසු ජනපති එක් පිලකත් රනිල් ප්‍රමුඛ එජාප ආණ්ඩුව තවත් පිලකත් ලෙස මත දෙකක් දැරීම හේතුකොට රජයේ මාධ්‍ය ආයතන සඳහා ප්‍රධානීන් නැවත පත් කිරීමේදී ගැටලුවක් හටගන්නා ලදි.  ජනපති හා මංගල ඇමතිවරයා අතර සාකච්ඡාවෙන් පසු
එය විසඳාගත්තේ මාධ්‍ය ආයතන ඇමති මංගල සතුව තිබියදී සභාපතිවරයා මංගල නම් කර ජනපතිගේ නියෝජිතයෙකු ද එහි තව තනතුරකට පත්කිරීමට එකඟවෙමිනි. ඒ අනුව දෙමුහුන් පාලනයක් යටතේ රජයේ මාධ්‍ය ඉදිරියේදී කටයුතු කරනු ඇතැයි වාර්තා පළ විය.
ඉතිහාසයේ

පටන් දේශපාලනය දේව කාරිය කරගත් ආයතනයක් ලෙස ප්‍රකට ස්වාධීන රූපවාහිනී ආයතනයේ මෙම වෙනස සිදුකිරීමට යාමේදී පසුගියදා කලබලකාරී තත්වයක් හටගෙන තිබේ.

සභාපතිතුමිය හැර සෙසු නිලධාරීන් කිසිවකුට ආයතනය තුලට ඇතුළුවීමට ආයතනයේ දේශපාලන පක්ෂයකට සම්බන්ධ පිරිස්  ඉඩ නොදුන් අතර පසුගිය 27 වනදා ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී චන්දන තිලකරත්න මහතාට ආයතනයට ඇතුළු වීමට ඒ අනුව ඉඩ දුන්නෙ නැත.
උදෑසන සිට උද්ඝෝෂණයක නියැළුණ මෙම සාමාජිකයින් චන්දන තිලකරත්න මහතාගේ වාහනය ආයතන ගේට්ටුව අසළ නතර කර ඔහුට පිටව යන ලෙස බල කළ අතර අපට ප්‍රධාන විධායක නිලධාරීන් අවශ්‍ය නැතැයි කියමින් පුවුරුද අල්ලා සිටිනු වාර්තා විය.

කෙසේ වෙතත් තවත් පිරිසක් ඔහුට ඇතුළුවන්නට ඉඩ දෙන ලෙස තර්ක කරද්දී දේශපාලන දෙපිරිස ගැටුමක් ඇතිකරගන්නට පෙර

තිලකරත්න මහතා වාහනය හරවාගෙන පිටව ගියේය. උද්ඝෝෂකයින් පිරිස හූ හඩද නැගුවෝය.
පසුව අනෙකුත් විද්‍යුත් මාධ්‍ය වෙත ප්‍රකාශයක් කළ උද්ඝෝෂණ මෙහෙයවූ අයෙකු දන්වා සිටියේ මේ ආයතනයට පිටින් දේශපාලන පත්වීම් ලෙස ප්‍රධාන විධායකලා අවශ්‍ය නැති බවත් ආයතනය තුළින්ම අය පත් කළ යුතු බවත්ය. කෙසේ වෙතත් ස්වාධීන රූපවාහිනී ඉතිහාසය තුළ පසුගිය ආණ්ඩුවලදී පවා මෙම පත්වීම් කර තිබුනේ දේශපාලනය අනුවය.

මෙම හිරිහැරයට මුහුණ පෑ චන්දන තිලකරත්න මහතා වසර කිහිපයක්ම එම තනතුර දැරුවේය.
‍ඔහු ස්වාධීන රූපවාහිනියේ  ඉවත් කර තිබෙන වාහන සෝදාපාලුවට ලක්වීම වළකා අලුත් වැඩියා අංශය අරඹා වසරක් තුළ මිලියන 12 ක් ඉතිරි කළ අයෙකු බවත් ටෙලි නාට්‍ය නිෂ්පාදකයන්ගේ මිලියන ගණනක් හිග මුදල්  පියවූ අයෙකු බවත් ආයතනයේ විදේශ ගතවීම් ඒකාධිකාරය බිද දමා සම්මුඛ පරීක්ෂණ ක්‍රමය යලි ගෙන ආ අයෙකු බවත් පැවසෙන අතර ඔහු වෙනස් කරන්නට උත්සාහ කළ ක්‍රමය ඇතැම් දේශපාලන මතදාරීන්ට රිසි නොවීම මත මෙවැනි විරෝධයක් හටගෙන ඇති බව වාර්තා විය.

එම සිද්ධිය අවස්ථාවේ වීඩියෝව පහතින්