https://www.gossiplankanews.com/2018/12/95000-dambara-amila-thera-speaks.html#more
ඹර අමිල හිමියන් ඇතුළු යහපාලනය වෙනුවෙන් කෑමොර දුන් සිවිල් සංවිධාන නියෝජිතයින් කිහිපදෙනෙකු ලිට්‍රෝ සමාගමෙන් වැටුප් ලබා ගෙන ඇති බවට පළවන වාර්තා නිසා මේ වනවිට සමාජ මාධ්‍ය
ඇවිළී තිබේ.මේ දිනවල දේශපාලන වේදිකාවේද ප්‍රධාන මාතෘකාවක් බවට එය පත්ව ඇත.

පසුගියදා ජනපතිවරයා ලබාගත් තීන්දු විවේචනය කරමින් එජාප රැළියට පැමිණ 'තෝව පොලොන්නරුවෙ කුඹුරේ හිටවනවා යයි ජනපතිවරයාව ආවේගයෙන් යුතුව විවේචනය කිරීම නිසා දඹර අමිල හිමියන් ආන්දෝලනයට තුඩු දුන් අතර

දේශපාලනික වශයෙන් විරුද්ධ මත ධාරීන්ගේ මඩ ප්‍රහාරයන්ටද ලක්විය.

හිටපු ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් ලිට්‍රෝ ගෑස් සමාගමට අයත් රුපියල් මිලියන 500ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි කියන සිද්ධියේ නඩුව කොළඹ ත්‍රී පුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ පසුගියදා කැඳවූ අවස්ථාවේදී එම සමාගම විසින් මාස්පතා දඹර අමිල හිමියන්ට රුපියල් 95,000ක දීමනාවක වවුචර් පත්‍රයක්ද ලබා දුන් බව එහි මූල්‍ය පාලක වශයෙන් කටයුතු කළ මුදිත තමානගම කොළඹ ත්‍රී පුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ පිළිගත්තේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් දඹර අමිල හිමියන් 'වංචා කරුවෙකු' ලෙස හුවාදක්වමින් අන්තර්ජාලය පුරා වාර්තා සැරිසරන්නට වූයේ ඉන් පසුවය.
මේ ගැන දඹර අමිල හිමියන් දැන් පැහැදිලි ලෙස පිළිතුරු සපයා ඇත. උන් වහන්සේ ඒ ගැන පවසන්නේ මෙසේය,

'මං සියම් මහ  නිකායේ සිව් කෝරළයන්හි ප්‍රධාන අධිකරණ සංඝ නායක ධූරයක් දරනවා.ඒවගේම පුරා විද්‍යා විශාරද ගෞරව සම්මානයක්ද අත්පත් කරගෙන තිබෙනව. ඒවගේම ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙක් ඒවගේම කවුරුත් දන්නා පරිදි පුරාවිද්‍යාඥයෙක් විදිහට එම පර්යේෂණ කරනවා වගේම ශාසනික

ආගමික කටයුතු කරන කෙනෙක්.
එසේ කරද්දී මම එක්තරා වෙලාවක ලිඛිත ඉල්ලීමක් කරනවා ලිට්රෝ ගෑස් සමාගමෙන් මගේ ලෙටර් හෙඩ් එක පාවිච්චි කරලා ඔබ ආයතනයෙන් සමාජ සත්කාරක වැඩසටහන් කරගෙන යාමට අනුග්‍රහය දක්වන්නේ නම් අතිශය කෘතඥ වන බවට. ඒ අනුව එම ආයතනය එය අනුමත කළා.
ඔවුන් මම සිදු කරන කටයුතු වෙනුවෙන් අනුග්‍රහය දැක්වුවා.

ළමයින්ට පාසල් පොත් බෙදාදීමේ විශාල ව්‍යාපෘති ප්‍රමාණයක් මං කරලා තියනවා. පුරා විද්‍යා පර්යේෂණ ප්‍රමාණයක් රටපුරා නිතරම කරමින් ඉන්නවා. ශාස්ත්‍රීය දේශන කරනවා ඒ වෙනුවෙන් රට පුරා ගමන් කරනවා. රටපුරාම මං ධර්ම දේශනා පවත්වන කෙනෙක්.
මේ දේවල් සියල්ල මට මගේ සරසවි වැටුපෙන් විතරක් කරන්න බැරි නිසා මෙවැනි ඉල්ලීමක් කලේ.

ඒක අනුමතවී මුදල් ලැබුණා. ඉන්පසු මං ඒ දේවල් කල බවට සහතික කරන වීඩියෝ ක්ලිප්,ෆොටෝ,  එම සැලැස්ම වල සටහන් මං ලිට්රෝ ගෑස් සමාගමේ සුබසාධක අංශයට යවල තියනවා. මං ඒ මුදල් වලට ඒ දේවල් කළ බවට ඔප්පු කර තියෙනවා.

සමාජ සත්කාරක වැඩ වලට අදාළව තමා ඒ හැම එකක්ම යොදාගෙන තියෙන්නේ. ඒ නිසා ඕනම කෙනෙකුට මේක ලිට්රෝ ගෑස් සමාගමෙන් විමසන්න පුළුවන්. අවශ්‍ය නම් තොරතුරු දැනගැනීමේ පනත අනුව දැනගන්න පුළුවන්. අද ව්‍යාජ ලෙස හෝ අගමැති ලෙස මහින්ද රාජපක්ෂ ආණ්ඩුවත් තියනවා. අවශ්‍ය නම් මං වරදක් කර තිබේ නම් මාව අධිකරණයට යොමු කරවල හිරේ දාන්නත් පුළුවන්.'