පසුගිය 5 වනදා මහරගම පොලිස් වසමේ අරලියපුර, අරැව්වල, පන්නිපිටිය ලිපිනයේ පදිංචි ක්‍රිෂාන් ඩේවිඩ්
පීරිස් යන අයගේ නිවසට පොලිස් නිලධාරීන් ලෙස ඇතුළු වී නිවෙස් හිමියාට ගිනි අවියකින් පහරදී තුවාල සිදුකර, නිවසේ තිබුන දියමන්තියක් හා මැණික් ගල් කිහිපයක් ඇතුළු දේපල සොරකම් කළ බවට වාර්තාවූ සිද්ධියේ සැකකරුවෙකු අත්අඩංගුවට ගන්නට මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය සමත්ව
තිබේ.
ගල්කිස්ස මැලිබන් හංදියේ ඉන්ධන පිරවුම්හල අසලදී මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් විසින් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සදහා මිරිහාන පොලිස් ස්ථානයට ඉදිරිපත් කර ඇත.
මැණික් හා දියමන්ති කොල්ලකෑම මෙන්ම එම අවස්ථාවේ ඒවා මිලදී ගැනීම සඳහා පැමිණ සිටි විදේශිය ජාතිකයෙකු පැහැරගෙන යාමටද මෙම පුද්ගලයා සම්බන්ධ බව සැක කෙරේ.ෙ
අත්අඩංගුවට ගත් සැකකරු අවුරුදු 38 ක් වන රොටුඹ, මාතර ප්‍රදේශයේ පදිංචි තුසිත මදුරංග නොහොත් මාතර මල්ලී යන අය වේ.
මින් ඉහත වාර්තාව තිබුනේ මෙම කොල්ලයට මාකඳුරේ මදුෂ් සම්බන්ධ බවටයි.
සැකකරු අද අධිකරනයට ඉදිරිපත් කිරීමට නියමිතය.