මහ දවාලේ නිවසට පැමිණි පුද්ගලයකු, තියුණු ආයුධයක් පෙන්වා බිය ගන්වා නිවසේ අල්මාරියක තිබූ රුපියල්
ලක්ෂ පහක් වටිනා රන් භාණ්ඩ පැහැරගෙන ගිය බවට, ව්‍යාජ පැමිණිල්ලක් කර තිබූ කාන්තාවක් අත්අඩංගුවට ගත් බව, කහතුඩුව පොලිසිය පවසයි.

 මාස දෙකක් පුරා සිදු කළ දිර්ඝ විමර්ශනයකින් අනතුරුව කහතුඩුව ප්‍රගති මාවතේ පදිංචි (33) කාන්තාවක එසේ අත්අඩංගුවට

ගත් බව පොලිසිය කියයි.

එහිදී අනාවරණයවී ඇත්තේ මෙම කාන්තාවගේ සැමියාට අයත් ලොරි රථ දෙකකින් එක් රථයක මාස තුනක ෆිනෑන්ස් වාරිකය එකතු වී තිබිම නිසා එය ගෙවීමට මීගමුවේ පදිංචි සැමියාගේ නැන්දාට අයත් රන් භාණ්ඩ තොගයක් රැගෙන විත් තිබූ බවය.

සැමියාගේ ව්‍යාපාරයෙන් ඉපයූ මුදලකින් අදාළ ෆිනෑන්ස් වාරිකය ගෙවීම නිසා රන් භාණ්ඩ උකස් කිරිමේ අවශ්‍යතාවක් වී නොමැති බව පැවසේ.

මේ අතරතුරදී රන් භාණ්ඩ හිමිකාරිය රන් භාණ්ඩ තොගය ඉල්ලු අවස්ථාවේදී එය නොදී වංචා කිරීම් අරමුණෙන් නිවසට පැමිණි පුද්ගලයකු තියුණු ආයුධයක් පෙන්වා බිය ගන්වා අල්මාරියේ සඟවා තිබූ රන් භාණ්ඩ කොල්ල කා ගිය බවට එම ව්‍යාජ පැමිණිල්ල සිදු කර ඇති බවට කරුණු අනාවරණය වූ බව පොලිසිය පවසයි.

එහිදී සැකකාරිය සැමියා සහ රන් භාණ්ඩ හිමිකාරිය පොලිසියට කැඳවා වෙන වෙනම ප්‍රශ්න කිරිමේදී ඔවුන්ගේ ප්‍රකාශ එකිනෙකට පරස්පර වූ බැවින්, පැමිණිලිකාරියගේ ගමන් බිමන් හා ජංගම
දුරකථන වාර්තාවක් කැඳවා විමර්ශන ආරම්භ කළ බව පොලිසිය කියයි.

 එහිදී කාන්තාව නිතර නිතර හොරණට ගමන් කර ඇති බවට ලද තොරතුරක් මත

එම ප්‍රදේශයට මෙම රන් භාණ්ඩ උකස්
කර ඇති බවට අපරාධ විමර්ශන අංශය  ස්ථානාධිපති උ.පො.ප බන්ඩාර මහතාට  ඇතිවූ සැකය මත, හොරණ පිහිටි උකස් මධ්‍යස්ථාන පනස්තුනක් පරික්ෂා කිරීමේ නියෝගයක් අධිකරණයෙන් ලබා ඒවා පරික්ෂා කිරිමේදී ඉන් එක් අලවි සලකට මෙම රන් භාණ්ඩ උකස් කර ඇති බවට කරුණු අනාවරණය කර ගත් බව පොලිසිය පවසයි.

 ඒ අනුව කාන්තාව අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරිමේදී රන් භාණ්ඩ හිමිකාරිය සමග පැවති අමනාපයක් නිසා එම  රන් භාණ්ඩ වංචාව සිදුකොට පැමිණීල්ලක් පොලිසියට කළ බවට පිළිගත් බව පොලිසිය කියයි. ඇයගේ රන්මාලය. මුදුව සහ දරුවාගේ පංචායුධයද කොල්ල කා ගිය බවට ඇගවීම සඳහා ඒවා යාබද නිවසේ කාන්තාවක ළඟ සගවා ඇති අතර ඇය එම භාණ්ඩද රැගෙන විදේශ ගතවී ඇති බවට තොරතුරක්ද අනාවරණය වූ බව පොලිසිය පවසයි.

 එම සියලු රගපෑම් සැමියාට නොදන්වා සිදුකර ඇති බවද පැවසේ.
සැකකාරිය කැස්බෑව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

 -ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්ත,  . බිමල් ශ්‍යාමන්-