https://www.gossiplankanews.com/2018/11/unp-diamond-party.html#more
මේ දිනවල පාර්ලිමේන්තුවේ අගමැතිවරයා තේරීම සම්න්ධ ගැටලුකාරී තත්වය පවතින අතරේ නොබෝ දිනකින්ම
අනිවාර්ය මැතිවරණයක් පවත්වන බැවින් එහිදී මහින්ද රාජපක්ෂ ඇතුළු පිල පරාජයට පත්කිරීම සඳහා පොදු අපේක්ෂකයකු හා පුළුල් සන්ධානයක් බිහි කිරීමේ කටයුතු මේ වනවිටත්

ආරම්භ තර තිබෙන බව දේශපාලන ආරංචි හෙළි කරයි.
වාර්තාවන ආකාරයට දැනටමත් මේ සදහා ලියාපදිංචි ප්‍රධාන පෙළේ පක්ෂ 10 ක් සම්බන්ධවීමට එකඟතාවය පළ කර ඇත.එජාපය,ජාතික හෙළ උරුමය, ශ්‍රී ලංකා මුස්ලිහම් කොංග්‍රසය, සමස්ත ලංකා මක්කල් කොංග්‍රසය,ටීපීඒ ඇතුළු පක්ෂ සමග සාකච්ඡා සාර්ථකවී ඇත. චන්ද්‍රිකා කුමාරණතුංග හිතවාදී ශ්‍රීලනිප පිරිසක්ද මෙයට එක්වීමට කැමැත්ත පළ කර ඇති බවත් වාර්තාවේ. එසේම 2014 දී පොදු අප්ක්ෂකයාට සහාය දැක්වූ ආකාරයට ටී එන් ඒ හා ජනතා විමුක්ති පෙරමුණද මෙහිදී සහාය ලබාදෙන ඇතැයි අපේක්ෂා කර තිබේ.
නව පක්ෂයේ සලකුණ ලෙස දියමන්තිය යොදාගැනීමටද අදහස් කර තිබේ.
ඊයේ (20) මහනුවර මහනායක හිමිවරුන් බැහැදකින්නට ගිය එජාපයේ නවීන් දිසානායක හිටපු ඇමතිවරයා මාධ්‍ය ඉදිරියේ දන්වා සිටියේ ඉදිරි ජනපතිවරණයකදී එජාපය පොදු අපේක්ෂකයෙකු නම් කරන බවත් ඔහු මැදි වියේ අයකු වනු ඇති බවත්ය.