https://www.gossiplankanews.com/2018/11/wijayadasa-rajapaksa-returns.html#more
ද දින ආණ්ඩු පක්ෂය පාර්ලිමේන්තුව වර්ජනය කළත් පසුගියදා නව රජයේ ඇමතිවරයෙකු ලෙස දිවුරුම් දුන් විජේදාස රාජපක්ෂ පාර්ලිමේන්තුවට පැමිණ සිටියේය. ඔහු ආණ්ඩු පක්ෂයේ හිස් අසුන් අතර ඔහුට පනවා තිබු අසුනේ හිඳගෙන
සිටි අතර අගමැති ලේකම්වරයාගේ වියදම් කපාහැරීමේ යෝජනාවේ අදහස් දැක්වීම් අවස්තාවේ කතාවක්ද කළේය.
රනිල් වික්‍රමසිංහ හා මෛත්‍රිපාල සිරිසේන 2015 ජයග්‍රහණය කළේ රට නව දිශානතියකට ගමන් කරවීමට බවත් විධායක ජනපති බලතල සීමා කිරීමට කැමතිවූ බවත් පැවසීය. 19 සංශෝධනය නිවැරදිම

එකක් නොවුණත් එහි වැදගත් වගන්ති පැවති බව දන්වා සිටියේය. පසුගිය මහමැතිවරණයේදී පැහැදිලි බහුතරය නොපෙනුණන ජාතික ආණ්ඩුවක් ලෙස පක්ෂ දෙක එකතුවී ප්‍රශ්න මැද වුවත් ජනතා අරමුණු ඉටු කිරීම වෙනුවෙන් කැපවූ බවත් නමුත් අවාසනාවකට රජයේ නායක ලෙස කටයුතු කළ මෛත්‍රිපාල සිරිසේන

ජනපති පාර්ශ්වය හා රනිල් අගමැති පාර්ශ්වය අතර අවලාද දේශපාලනයක් මතුවූ බව දැක්වීය. ඒ අනුව අවසන් ප්‍රතිඵලය ලෙස මහින්ද අගමැති කරවීමට ජනපති තීරණය කළ බවත් ඉන් පසු පාර්ලිමේන්තු බහුතරය පිළිබඳ ප්‍රශ්නය මත පාර්ලිමේන්තුවේ අප්‍රසන්න හැසිරීමක් වාර්තාවූ බවත් මෙම තත්වය රටට හිතකර නැති බවත් පැවසීය.

විධායකය හා ව්‍යවස්තාදායකය අතර මතභේදය විසඳාගැනීමට හැකියාවක් නෑ කියා දැන් පෙනී යන බවත් දැන් මේ පාර්ලිමේන්තුවෙන් ජනතාවගේ ප්‍රශ්න විසඳිය නොහැකි බවත් අධිකරණයෙන් මේ දේවල් විසඳීමක් රටේ තත්වය හෑල්ලු කිරීමක් බවත්  මේ අස්තාවරය තුළ කිසිවෙකු ජයගැනීමක් නැති බවත් ඒ නිසා අනාගතය ගැන අඳුරු සේයා මතුව ඇති බවත් ඔහු කීය.
මේ රට නැවත යථා තත්වයට පත් කල හැක්කේ බහුතරයක් මෙහෙයවන්නට හැකි කන්ඩායමට රට භාරදීමෙන් බව දක්වා සිටි විජේදාස රාජපක්ෂ මේ රටේ ලක්ෂ 62 ක් ලබාදුන් විශ්වාසය රැකගෙන මෛත්‍රී ජනපති ඉදිරි කෙටි කාලය තුළ පාර්ලිමේන්තුවේ අය සමග සම්මුතියකට එළැඹ මේ ප්‍රශ්න විසඳිය යුතු බව දක්වමින් කතාව හමාර කළේය.