https://www.gossiplankanews.com/2018/11/supreme-court-7-change.html
නපති මෛත්‍රිපාල සිරිසේන පාර්ලිමේන්තුව විසුරුවාහැරීම සඳහා නිකුත් කළ විහේෂ ගැසට් නිවේදනයට එරෙහි ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් හත් පුද්ගල විනිදසුරු මඩුල්ලක් හමුවේ විභාග කිරීමට
අගවිනිසුරුවරයා ඊයේ තීන්දු කළේය.
විනිසුරුවරුන් පහකට වැඩි පූර්ණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බලන්නැයි ඉල්ලා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නායක මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ඇතුළු පස් දෙනකු විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කරන ලද මෝසමක් සලකා බලමින් අගවිනිසුරුවරයා මෙම තීරණය ගෙන ඇත.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තු විසුරුවා හැරීමට එරෙහිව ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම් අනුව අගවිනිසුරු නලින් පෙරේරා, බුවනෙක අලුවිහාරේ. සිසිර ද ආඛa, ප්‍රසන්න ජයවර්ධන, ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මළගොඩ,

මුදු ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන් ගෙන් යුත් ශ්‍රේෂ්ඨාධිකරණ සත් පුද්ගල
විනිසුරු මඩුල්ල හමුවේ ලබන මස 04, 05. 06 යන දිනවලදී විභාගයට ගැනීමට නියමිතය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නිකුත් කරන ලද විශේෂ ගැසට් නිවේදනයට එරෙහිව ගොනු කළ මූලික පෙත්සම් විනිසුරුවරුන් පස් දෙනකු හෝ ඊට වැඩි සංඛ්‍යාවකින් යුත් පූරිය ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගන්නා ලෙස මෙම නඩු විභාගයේ අතුරු පෙත්සම්
ගොනු කළ මහාචාර්ය ජී.එල්. පීරිස්, අමාත්‍ය උදය සෂමන්පිල, වැල්ලවත්තගේ ජගත්, මහාචාර්ය චන්න ජයසුමන සහ නීතිඥ ප්‍රේම්නාත් සී. දොළවත්ත යන මහත්වරුන් ඉල්ලා සිටියහ.

අතරමැදි පෙත්සම්කරුවන් සිය මෝසම් මහින් සඳහන් කර ඇත්තේ ජාතික වශයෙන් වැදගත් සහ ව්‍යවස්ථාමය කරණක් වන හෙයින් මෙම පෙත්සම පහට හෝ ඊට වැඩි පූර්ණ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගත යුතු බවයි. නීතීඥ නිලන්ත විජේසිංහ සහ නීතිඥ අතුල ද සිල්වා යන මහත්වරුන් මාර්ගයෙන් ගොනු කළ මෙම මෝසමේ සඳහන් වන්නේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළව ජනාධිපතිවරයා විසින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය පිළිබඳ සිද්ධිය සමාජයේ මහත් කැලඹීමකට ලක්වී ඇති කරුසික් බවයි. ජාතික වශයෙන් වැදගත් සහ ව්‍යවස්ථාමය කරුණක් වන හෙයින් පහට හෝ ඊට වැඩි පුර්ණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම් විභාග යට ගත යුතු බවයි.

අතරමැදි පෙත්සම්කරුවන් සිය මෝසමෙන් පෙන්වා දෙන්නේ මේ හේතුවෙන් එම ක්‍රියාවලිය

විනිසුරුවරුන් පස් දෙනකු හෝ ඊට වැඩි
සංඛ්‍යාවකින් යුත් විනිසුරු මඩුල්ලක් හමුවේ විභාග කිරිම සුදුසු බවයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 132 විධිවිධාන යටතේ පංච පුද්ගල සත් පුද්ගල හෝ පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉල්ලා සිටින බවද මෝසමේ සඳහන් වේ. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම

අභියෝගයට ලක්කරමින් එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, සමස්ත ලංකා මහජන කොග්‍රසය, ශ්‍රී ලංකා මුස්ලිම්
කොංග්‍රසය. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි මනෝ ගනේෂන්, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය, නීතිඥ අරුණි ලක්සිරි සහ ශ්‍රී ලංකා මැතිවරණ කොමිසමේ සාමාජිකයකු වන මහාචාර්ය රත්නජීවන් හූල් 13 ක් විසින් පෙත්සම් ඉදිරීපත් කර තිබිණි. එම පෙත්සම්

විභාගයට අවසර දුන් ශ්‍රේෂ්ඨාධිකරණය ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරිම දෙසැමිබර් මස 7 වැනිදා දක්වා වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් ඉකුත් 13 වැනිදා නිකුත් කරනු ලැබීය.