මාතර ඇලවේල්ල පාර ප්‍රදේශයේ පෞද්ගලික පන්තියක් ආසන්නයේ දී උසස් පෙළ හදාරන පාසල් සිසුවෙකුට
පිහියකින් ඇන ඝාතනය
කිරීමේ සිද්ධියේ පළමු හා දෙවන සැකකරුවන් ඊයේ අත්අඩංගුවට ගැනීමෙන් පසු 03 වැනි පාසල් සැකකරුද අද (27) උදෑසන අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අද පෙරවරු 6.20ට පමණ මාතර කොට්ඨාස බුද්ධි අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මාතර නගරයේදී සැකකරුව අත්අඩංගුවට ගෙන තිබෙයි.
වයස අවුරුදු 17ක් වන මෙම සැකකරු ජයවීර මුහන්දිරම්ගේ සුනුරු විමුක්ති ජයවීර නැමැති වල්ගම, මාතර පදිංචි අයෙකු වන අතර ඝාතනය සඳහා පැමිණි යතුරු පැදිය පැදවූ අය බවට පොලිසිය කළ විමර්ශනවලදී අනාවරණය වී ඇත.  එලෙස යතුරු පැදිය පදවා ඇති නමුත් ඔහු තවමත් රියදුරු බලපත්‍රයක් ලබාගැනීමට අවශ්‍ය වයස සපුරා නැති අයෙකි.
සැකකරුව අද දින අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.