අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ ආණ්ඩු පක්ෂය අදත් පාර්ලිමේන්තු සභාවාරයට
සහභාගී වීම වර්ජනය කරීමට තීරණය

කළ නමුත් එම තීන්දුවට පිටුපා  අධ්‍යාපන හා උසස් අධ්‍යාපන ඇමති ලෙස කටයුතු කරන විජයදාස රාජපක්ෂ පාර්ලිමේන්තුවට සහභාගී විය.
මේ අතර ආණ්ඩු පක්ෂයට සහය දෙමින් එම රැස්වීම් වලට සහභාගීවූ අතුරලියේ රතන හිමි අද ආණ්ඩු පක්ෂ රැස්වීමටද එක්වූ නමුත්
එම ස්ථානයෙන් පිටතට වැඩම කර අතුරලියේ රතන හිමියන් පැවසූවේ තමන් වහන්සේ ස්වාධීන මන්ත්‍රීවරයකු බැවින් තමන් වහන්සේ පාර්ලිමේන්තු සභාවාරය සඳහා සහභාගී වන බවයි.
ඒ අනුව රැස්වීමට අද එක්වූ එහිමියන් විපක්ෂයේ ඉදිරි පෙල අසුනක අසුන් ගෙන සිටි බව වාර්තාවේ. කතාවක් පවත්වමින් උන්වහන්සේ අගමැති ලෙස රනිල් වික්‍රමසිංහව හඳුන්වා දුන් අතර කියා සිටියේ සම්මුති ආණ්ඩුවකට යන ලෙසයි.