අද පාර්ලිමේන්තුවේදී ආණ්ඩු පක්ෂය රහිතව විපක්ෂය ගෙන ආ
අගමැති ලේකම්වරයා

ලෙස පෙනී සිටින පුද්ගලයාට රජයේ වියදම් සිදුකිරීම වළක්වා ලීමේ යෝජනාව ඡන්ද 123 කින් සම්මත විය. විරුද්ධව 0 කි.
මෙහිදී අද දින පාර්ලිමේන්තුවට සහභාගීවූ විජයදාස රාජපක්ෂ හා අතුරලියේ රතන හිමිද පක්ෂව ඡන්ද ප්‍රකාශ කළ අතර කිසිවෙකු විරුද්ධවූයේ නැත.
ඡන්ද විමසීම  කොටසක් ඉලෙක්ට්‍රෝනික ක්‍රමයට හා කොටසක් නම් අඩගසා සිදුවිය.

ඒ අනුව අගමැති මහින්ද රාජපක්ෂට හෝ අගමැති කාර්ය මන්ඩලයට ඉදිරියේ වියදම් සිදුකිරීමට හැකියාව අවහිර කර තිබේ.
ඡන්ද විමසීමෙන් පසු පාර්ලිමේන්තුව 30 හෙට උදෑසන දක්වා කල් තබන ලදි.