මිතුරාගේ බිරිඳ සමග සිය සැමියා අනියම් සබඳතාවක් පවත්වන බව තහවුරු කර ගැනීමෙන් අනතුරුව
පොලිස්ථානට පැමිණිලි කිරීම නිසා දෙපාර්ශ්වයම පොලිසියට කැඳවූ අවස්ථාවේ බිරියන් දෙදෙනා මාරු කර ගනිමු යැයි පැවසු අපූරු සැමියෙකු වන රාජ්‍ය සේවකයෙකු පිළිබඳව අනුරාධපුර මූලස්ථාන පොලීසියෙන් වාර්තා විය. හොඳම මිතුරාගේ බිරිඳ සමග සිය සැමියා කලක සිට අනියම් සබඳතාවක් පවත්වා ඇති බව ඉතා සුක්ෂමව ඉහළ කරගෙන ඒ බව සැමියාගේ කටින්ම අනාවරණය කරගත් පසුව පැමිණිල්ල අවුල විසදා දෙන ලෙස ඉල්ලමින් අනුරාධපුර මූලස්ථාන පොලීසියේ විවිධ පැමිණිලි අංශයට ගොස් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි.

ඒ අනුව පෞද්ගලික ආයතනයක හා රාජ්‍ය ආයතනයක සේවය කරන සැමියන් දෙදෙනා හා ඔවුන්ගේ බිරියන් දෙදෙනාට අවනඩුව විසඳීම  සඳහා පොලිස්ථානයට කැඳවා තිබුණි. අනුරාධපුර නගරයට මදක් දුරින් පිහිටි අනුරාධපුර පොලිස් වසමේ පදිංචිව සිටින දෙපර්ශවයම පොලිස්ථානයට කැඳවා පැමිණිල්ල විභාග කිරීම

ආරම්භ කළ අවස්ථාවේ  පැමිණිලිකාරියගේ සැමියාගෙන් තමුන් හොඳම මිත්‍රයාගේ බිරිඳ සමග අනියම් සබඳතාවක් පවත්වනවා කියන්නේ ඇත්තද" යනුවෙන් විමසා තිබේ. සිය මිතුරා ළග සිටියදීම "ඔව් සර් මම එයත් එක්ක අනියම් සබඳතාවක් පැවැත්වූවා. මම එයාට කැමතියි මම එයත් එක්ක තැන්තැන් වල ගියා" යනුවෙන් ඔහු පොලිස් නිලධාරියාට පවසා තිබේ.


ඒ අවස්ථාවේ මිතුරාගේ බිරිඳ "නෑ නෑ මම කොහෙවත් මෙයත් එක්ක ගිහිල්ලා නෑ. මෙයා මේ බොරු කියන්නේ" යනුවෙන් පොලිසිය හා සැමියා ඉදිරියේ ඇය පවසා තිබුණාය. නැවතත් හඬ අවදි කළ රජයේ සේවකයා" නෑ නෑ සර් මෙයා බොරු කියන්නේ. මම මෙයත් එක්ක හිටියා. මම මෙයාව එක්කගෙන ගියපු සමහර තැන්වල රෙජිස්ටර් වල අපි දෙන්නගෙම නම් ගම් ලියලා ඇති. මම මෙයාගේ ඇගේ තියෙන විශේෂ ලක්ෂණත් කියන්නම්" යනුවෙන් පවසා මිතුරා හා මිතුරාගේ බිරිය මෙන්ම ඔහුගේ බිරියත් අන්ද මන්ද වෙන අයුරින් විශේෂ ලක්ෂුණ කිහිපයකුත් පොලිස් නිලධාරියා හමුවේ පවසා තිබේ.  අවුල් වියවුලක් බවට පත්විය හැකි බව දැනගත් පොලිස් නිලධාරියා "වහාම මේ පවුල් අවුල් වෙන ආරවුල් නවත්වන්න ඕන" යනුවෙන් පැමිණිල්ලිකාරියගේ සැමියාට තරයේ

අවවාද කර තිබේ.

ඒ අවස්ථාවේ "නෑ සර් මම කැමතියි මෙයාව අරගෙන යන්න යාළුවට කියන්න මගේ නෝනාව අරගෙන යන්න කියලා" යනුවෙන් ඔහු පෙරලා පවසා තිබේ. "මගේ මනුස්සයව මට කාටවත් දෙන්න ඕන නෑ සර්. මට වෙන කවුරුත් එක්ක යන්න කිසිම අවශ්‍යතාවක් නෑ" යනුවෙන් පැමිණිලිකාරිය පොලීසියට  පවසා තිබුණාය. එහිදී දෙපාශ්වයේම ජංගම දුරකථන පරීක්ෂා කළ පොලිස් නිලධාරියා  "මේ දෙන්නා කෙටි පණිවුඩත් හරි හරියට හුවමාරු කරගෙන තියනවා. මේවා ආපහු වෙන්න බෑ. ආපහු කවුරුත් කෙටි පණිවිඩ හරි දුරකථන ඇමතුම් ගන්න බෑ. සාමය කඩවෙන දේවල් කරන්න බෑ. ගෑනු මිනිස්සු මෙහෙම මාරු කරගන්න රටක් සංස්කෘතියක් අපේ රටේ නෑ. ලොකු දරුවෝ දෙපැත්තෙම ඉන්නේ. ලැජ්ජ වෙන්න ඕන මේ වගේ ප‍්‍රශ්න ඇතිකර ගන්නවට" යනුවෙන් පවසා තිබේ. රාජ්‍ය සේවකයා හා පෞද්ගලික සමාගමේ සේවයේ නියුතු සේවකයාගේ බිරිඳ අතර අනියම් සබඳතාවයක් තිබී ඇතත් පෞද්ගලික සමාගම් සේවකයාගේ හා රාජ්‍ය සේවකයාගේ බිරිඳ අතර හිතවත් කමක් පැවතුනත් එය සාමාන්‍ය මිතු දමක් බව පොලීසිය තහවුරු කරගෙන තිබුණි. දෙපාර්ශවයේ කාන්තාවන් වයස අවුරුදු 45 ඉක්මවූවන් වන අතර පිරිමි පාර්ශ්වය වයස අවුරුදු 50 ඉක්මවා ඇති බව වාර්තා විය. මිතුරාගේ බිරිඳ සිය බිරියට වඩා රූප සම්පත්තියෙන් වැඩිබව සිතන රාජ්‍ය සේවකයා ඇය සමග නව දිවියක් ඇරඹීමට සුදානමින් සිටියත් ඇය එවැනි යෝජනාවට කැමැත්තක් නොමැති බව පොලීසියට වැටහී තිබුණි.


-බුද්ධික මහේෂ් විජේසුරිය-