https://www.gossiplankanews.com/2018/11/president-speech-against-ranil.html#more
නිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවෙන් නැවත අගමැති කළහොත් තමා ජනාධිපති පුටුවේ පැයක්වත් නොසිටින බව ඊයෙ ජනාධිපතිවරයා සඳහන් කර තිබේ. ඒ සිය පක්ෂයේ දිස්ත්‍රික් සංවිධායක වරුන් සමග පැවති සාකච්ඡාවකදීය.
තමා 2015 ජනවාරි අට වැනිදා
ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන්නට එක්තරා තදබල පියවරක් ගත් බවත් අද ගෙන ඇ ත්තේ ඊටත් වඩා තදබල පියරක් බවත් කියා ඇති ජනාධිපතිවරයා එසේ කළේ රටත් ජනතාවත් ගැන සිතා බව ද සඳහන් කර තිබේ.
මා 2015 ජනාධිපතිවරණය ජයග්‍රහණය කර සිටියදී එජාපයේ ලේකම්වරයකු තමාට ලිපියක් ගෙනැවිත් දුන් බව පවසා ඇති ජනාධිපතිරයා රනිල් වික්‍රමසිංහ මහතා අගමැති කළ යුතු බවට හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අසවල් වගන්තිය යටතේ ජනාධිපති සතු බලතල අගමැතිවරයාට පවරන බවට අතක්සන් කරන්නැයි එහි සඳහන්ට තිබූ බවද පවසා ඇත.රනිල් වික්‍රමසිංහ

අගමැති ලෙස පත්කළ හැකි නමුත් ඒ කියන ආකාරයට ජනාධිපති බලතල ඔහුට පැවරිය නොහැකි බව සඳහන් කරමින් තමා එජාප නායකයින් වෙත ලිපියක් යැවූ බවද ජනාධිපති සඳහන් කර ඇත.
රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කළේ ඒ ආකාරයෙන් බව පවසා ඇති ජනාධිපතිවරයා තමා පසුගිය වසර තුන හමාර ගත කළේ ඉතාම අසීරුවෙන් බවද සඳහන් කර තිබේ. මෙම  තත්වය හමුවේ තමා මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයට පත්කර නව ආණ්ඩුවක් පිහිටුවීමට තීරණය කළේ තවදුරටත් ඊට ඉඩදිය නොහැකි නිසා බවද කියා ඇත.
උතුරු නැගෙනහිර එකතු කරන බවට සහ ෆෙඩරල් දෙන බවට සමහරුන් සපථ කර ඇතැයි ද තමා එවැන්නක් වන්නට කිසිදා ඉඩ නොතබන බවද ජනාධිපතිවරයා පවසා ඇත.මෙම තීරණයට තමා ඝාතනය කිරිමේ කුමන්ත්‍රණයක්ද හෙළිවීම ආසන්න හේතුව වූ බවද ඔහු පවසා ඇත.

මහින්ද රාජප්පක්ෂ මහතාත් තමාත් අවබෝධයෙන් කටයුතු කරන බව පවසා ඇති ජනාධිපතිරයා ඉදිරියේදී කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ මහතා සමග සාකච්ඡා කර ඇතැයිද ඒ ගැන බියක් ඇති කර නොගන්නැයි ඉල්ලීමක්ද කර ඇත.
නව රජයට අඩුපාඩු හදාගෙන ඉදිරියට යා හැකි බව පවසා ඇති ජනාධිපතිවරයා

සියලු දෙනාගේ සහය ඒ සඳහා ලබාදෙන්නැයි ඉල්ලීමක්ද කර ඇත.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂිය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය වසර තුන හමාරක් ආණඩුවේ සිටි බව පවසා ඇති ජනාධිපතිවරයා ආණ්ඩුව පිහිටුවා ඉතා කෙටි කලකින්ම බැදුම්කර කොල්ලය සිදුවූ බවද පවසා තිබේ. මේ නිසා ජනතාව ආණ්ඩුව දෙස වැරදි අන්දමින් බැලු බවත් ආණ්ඩුවේ බිඳ වැටීම පටන්ගත් බැඳුම්කර කොල්ලයත් සමග බවිත් ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත.

මෙම පළාත් පාලන මැතිවරණයේ දි ජනතාව ආණ්ඩුවට නිසි පිළිතුරක් ලබා දුන් නමුත් හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂයට එම පණිවිඩය තේරුම් ගැනීමට නොහැකි වූ බවද ජනාධිපති සිරිසේස්ත මහතා පවසා ඇත. රාජ්‍ය සම්පත් විකිණීම, පෞද්ගලිකරණීය, විදේශික කරණය ආදී ප්‍රතිපත්තිවලින් ගැලවීමට එජාපයට නොහැකිවූ බව පවසා ඇති ජනාධිපතිවරයා තමා ඊට දැඩි විරෝධය පළ කළ බවද සඳහන් කර තිබේ.

රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවෙන් නැවත අගමැති කළහොත් තමා ජනාධිපති පුටුවේ පැයක්වත් නොසිටින බව මෛත්‍රීපාල ජනපතිවරයා ප්‍රකාශ කිරීම තුළ ඉදිරි පාර්ලිමේන්තු රැස්වීමනදී 113 ක් හෝ ඊට වැඩි බහුතරය රනිල් වික්‍රමසිංහ දිනාගත්තත් ව්‍යවස්තාවේ 42(4) වගන්තිය ප්‍රකාරව ජනපති මගින් පාර්ලිමේන්තුවේ වැඩි විශ්වාසය හිමි පුද්ගලයා ලෙස රනිල් නම් නොකරනු ඇත.
42(4) ව්‍යවස්ථාවේ දැක්වෙන්නේ   'ජනාධිපතිවරයාගේ මතය අනුව පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් ඇති පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයා ජනාධිපතිවරයා විසින් අග‍්‍රාමාත්‍යවරයා ලෙස පත් කරනු ලැබිය යුත්තේ ය.” යනුවෙනි.
මෙම තත්වය මත පවතින ගැටලුව තවදුරටත් ව්‍යාකූල වන ලකුණු පහළවී තිබේ.