2015 ජනවාරි 08 වැනිදා පැවැත්වූ ජනාධිපතිවරණයේදී ප්‍රතිඵල පැමිණීමටත් පෙර තමා තනතුර අතහැර අරලියගහ මන්දිරයෙන් ඉවත්වී ගියද, ඇතැම් නායකයන් එලෙස ඉවත්වී යෑමට අකැමැති බව අගමැති මහින්ද
රාජපක්‍ෂ මහතා පවසයි.

අගමැතිවරයා මෙහිදී සඳහන් කර සිටියේ එදින උදෑසන ප්‍රතිඵල නිකුත්වීමටත් පෙර තමන් සිනහ සෙමින් ජනතාවට

අතවනාගෙන අරලියගහ මන්දිරයෙන් නික්මුණු නමුත් අද ඇතැම් නායකයන් අරලියගහ මන්දිරය තුළට වී අඬ අඬා සිටින බවයි. තමන් ඉවත් වන විට රටට කුමක් සිදුවේදැයි ජනතාව කනස්සල්ලෙන් බලා සිටි නමුත් අද අරලියගහ මන්දිරයට වී අඬ අඬා සිටින නායකයන්ට පිටත සිටින මහජනතාව සිනහසෙන අයුරු ඔවුන් නොදන්නා බවත් අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා වැඩිදුරටත් අවධාරණය කෙළේය. එබඳු නායකයන්ට සිනහසී අතවනාගෙන ජනතාව අතරට යෑමට නොහැකි බවද ඔහු පැවැසුවේය.

ඊයේ (31දා) කොළඹ, කොටුව ලෝටස් පාරේ පිහිටි මුදල් අමාත්‍යාංශයේදී නව මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යවරයා ලෙස වැඩ භාරගැනීමෙන් අනතුරුව අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා ඒ බව සඳහන් කළේය.

ඉෂාරා සිල්වා