https://www.gossiplankanews.com/2018/11/nishantha-silva-transfer-cancelled.html
සන්ත ඝාතනය, කීත්නොයාර් පැහැරගැනීම ඇතුළු මාධ්‍යවේදී  හිංසන හා සුදු වෑන් පැහැරගැනීම් සම්බන්ධ විමර්ශන මෙහෙයවූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ ස්ථානාධිපති නිශාන්ත සිල්වා මහතා මීගමුව පොලිසියේ සාමාන්‍ය රාජකාරී සඳහා
පසුගිය සතියේ ස්ථාන මාරු කිරීම ආන්දෝලනයට තුඩුදුන් සිදුවීමක් විය. මෙම ක්‍රියාව දේශපාලන හේතු මත සිදු කරන ලද්දක් බවට විපක්ෂය චෝදනා කරන ලදි. ඒ අතරවාරයේ නිශාන්ත සිල්වා මහතා මේ ගැන ජාතික පොලිස් කොමිසමට අභියාචනයක් යොමු කළ අතර කොමිසම මගින් මේ ගැන හේතු විමසා පොලිස්පතිවරයාට ලිපියක් යොමු කරන ලදි.


ඒ අනුව අද වාර්තා වන්නේ ඉහළ නියෝග මත පොලිස්පති පූජිත් සිදුකළ නියෝගය අවලංගු කිරීමට ඔහු විසින්ම කටයුතු කර ඇති බවයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි එම දෙපාර්තමේන්තුවෙන් ඉවත් කෙරුණේ පෙරේදා (18) දිනයේය.

රාජපක්ෂ සමයේ අපරාධ රැසක් සම්බන්ධයෙන් සාර්ථක ලෙස පරීක්ෂණ මෙහෙයවූ ඔහු මහින්ද රාජපක්ෂ අගමැති ලෙස පත්වූ වහාම සේවා වෙනසකට ලක්කිරීම මගින් එම පරීක්ෂණ අවුල් කර දැමීමේ අවශ්‍යතාවයක් තිබූ බව හරීන් ප්‍රනාන්දු හා නලීන් බණ්ඩාර මන්ත්‍රීවරුන් චෝදනා කර තිබුණි. මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළද දැඩි විරෝධයක් හටගෙන තිබූ අතර මියගිය ලසන්ත වික්‍රමතුංගගේ දියණිය වන අහිම්සා වික්‍රමතුංග ද මේ ගැන ජනපති වෙත ලිපියක් යොමු කර තිබුණි.

පොලිස්පතිවරයා සිය තීරණය හකුලා ගත්තේ මේ සිදුවීම් වලින් පසුවයි.

 සිද්ධියට අදාළ පෙර වාර්තාව
රාජපක්ෂ සමයේ අපරාධ රැසක පරීක්ෂණ සිදු කරමින් සිටි CID යේ නිශාන්තට මාරුවක්

මෙම සිදුවීම ගැන නීතීඥ ජේ.සීත වැලිඅමුණ මහතා දැක්වූ අදහස් පහතින්