https://www.gossiplankanews.com/2018/11/manusha-singapore.html#more
ස්වර්ණවාහිනී ප්‍රවෘත්ති නිවේදකයෙකු ලෙස ප්‍රකටව සිටි  මනුෂ නානායක්කාර මුලින්ම පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් ලබාගත්තේ එජාපයෙන් තරග වැදීමෙනි. 18 වන සංශෝධනයට මහින්දගේ  2/3 බිලිබාගැන්මේ මෙහෙයුමේදී ඔහු එජාපයේ සිට එජනිසට පැති මාරු කළේය. පසුව නියෝජ්‍ය ඇමති ධූර දරමින් මෛත්‍රී ආණ්ඩුවේද සිටි ඔහු නැවත එජාපයට එන්නේ 1/2 බිලිබාගැන්මේ වත්මන් මෙහෙයුමේදීය.
මේ දිනවල දිගින්දිගටම
එජාපයෙන් සන්ධානයට පනින අය දෙස පමණක් බලා සිටින එජාප ලෝලීන්ට මෙය සතුට දනවන සිදුවීමකි.
අපහසු ඉලක්කයක් තිබෙන අවසාන ඕවරයේ ලසිත් මාලිංග පැමිණ 6 පාරක් එල්ල කළා වැනි සතුටක් එම ප්‍රේක්ෂකයින්ට දැන් ඇතිව තිබේ. තරගය තීරණාත්මකය. අවසාන පන්දුව තෙක් ජයපැරදුම අවිනිශ්චිතය.

 සන්ධානයේ කළු සල්ලි වලට වඩා එජාපයේ කළු සල්ලි හා ඩොලර් පවුම් ප්‍රබල බැවින් මෙම සටන උච්ච ස්වරූපයකට ඉදිරියේදී පත්වනු ඇති බවට කතා පැතිර තිබේ.
මේ අතරවාරයේ මනුෂ නානායක්කාර ගැන නොයෙකුත් කතා පැතිරෙමින් තිබේ. ඔහුගේ ටෙලි නිළි මුල් බිරිය රොෂානා දරුවා සමග සැණින් අතැර තවත් කසාදයකට ගියේ දෙවැන්නා සල්ලිකාරියකවූ නිසා බව සමාජ ජාලා වල පැතිරී ඇති කතාවකි.

 මනුෂ නානායක්කාර  අති විශාල මුදලක් ලබා ගත් බවට සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රි අරුන්දික ප‍්‍රනාන්දු ඊයේ රාත්‍රී මාධ්‍ය ඉදිරියේ චෝදනාවක්ද කර තිබේ.
එම මුදල්වලින් නාරාහේන්පිට ප‍්‍රදේශයේ විශාල නිවසක්ද ගෙන ඇති බවත් ඔහු කියා ඇත.

කෙසේ නමුත් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් ද සොයිසාට අනුව මනුෂට ලැබී ඇත්තේ රට සවාරියකට පමණි.

'වික්‍රමසිංහ සංචාරකයෝ දැන් කටයුතු  ඉහලින්ම කරනවා. මනුෂ නානායක්කාර හා ඔහුගේ බිරිය  හා දරුවන් සියල්ලෝම සිංගප්පුරුවේ  හෝටලයක නවාතැන් ගෙන සිටිනවා.' රංජිත් කියා තිබේ.

කෙසේ නමුත් මනුෂට විදේශයකදී මුදල් ලැබෙන බවත් මෙම සල්ලි නිකුත් කරන්නේ දැනට සිංගප්පූරුවේ සැඟවී සිටින බැඳුම්කර වංචාවට සම්බන්ධ ප්‍රබලයා බැවින් මනුෂ ඊයේ රාත්‍රියේම සිංගප්පූරු ගොස් ඇත්තේ එම ගනුදෙනුව අහවර කරන්නට බවටද කතා පැතිර තිබේ.

(මනුෂ ඊයේ රාත්‍රී 12 ට පමණ සිංගප්පූරු ගුවන් සේවයට අයත් එස්කියු 402 ගුවන් යානයෙන් ගිය බව ගුවන් තොටුපළ ආරංචි තහවුරු කර ඇත)