පවතින දැඩි අර්බුදකාරී තත්ත්වය හමුවේ කඩිනම්

තීරණයක් ගන්නැයි මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන්, ලිපියක් යොමු කරමින් ජනපතිගෙන් ඉල්ලා තිබේ.
රට ආර්ථිකමය සමාජමය දේශපාලනිකමය මෙන්ම ආගමික වශයෙනුත් දිනෙන් දින පිරිහීමට ලක්වෙමින් ඇති  අතරම සමාන්‍ය ජනතාවට බලපාන රාජ්‍ය යාන්ත්‍රණය සම්පූර්ණයෙන් බිඳ වැටී ඇති බව එහි සඳහන් වේ.
එබැවින් රටේ පළමු පුරවැසියා ලෙස පවතින දැඩි අර්බුදකාරි තත්වය සමනය කොට සුරක්ෂිත රටක් බිහිකිරිම සඳහා ජනාධිපතිවරයා නිසි පියවර ගත යුතු බවත් එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ.