අශිෂ්ටත්වයට පත් වූ ප්‍රජාතන්ත්‍රවාදය ශිෂ්ටත්වයට පත් කළ හැක්කේ ජනතා විමුක්ති පෙරමුණට පමණක්යැයි එහි නායක අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තු සංකීර්ණයේ ඊයේ (14) පැවැති මාධ්‍ය හමුවේ දි පැවසීය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා

ඊළඟ වතාවටත් ඡනාධිපතිවීමේ නිර්ලජ්ජින ක්‍රියාවට  දැනුවත්ව හෝ නොදැනුවත්ව මහින්ද රාජපක්ෂ අගමැතිවරයා බිලි වූයේ යැයි කී දිසානායක මහතා මහින්ද රාජපක්‍ෂ මහතා එදා ඡන්ද විමසීමට පෙරම සභා ගැබෙන් පිටත්ව යෑමට පෙර යන්නදැයි  තමාගෙන් විමසූ බව ද කීය.

විශ්වාසභංග යෝඡනාව ඉදිරිපත් වූ අවස්ථාවේ කිසිවෙක් ඒ සඳහා බෙදීමක් හෝ ඡන්දයක් ඉල්ලා නොසිටි බව ද කී දිසානායක මහතා විශ්වාසභංග යෝඡනාවෙන් රාජපක්‍ෂ මහතාගේ මුහුණ ඉදිරිපිටදීම එතුමා පරාජයට පත් වෙනවාට වඩා ඔහු නැතුව පරාජයට පත්වීම මගින් තමාගේ ගෞරවය ආරක්ෂා වනු ඇතැයි එතුමා සිතන්නට ඇති බව ද කීය.

රාජපක්‍ෂ මහතා පිළිබඳව තමාට කනගාටුවක් ඇති බව කී ජවිපෙ නායකයා කුමන්ත්‍රණකරුවන් එතුමා උපයෝයි කරගත් බව ද කිය. එතුමා වටේ සිටි කණ්ඩායමේ විමල් විරවංශ,  රෝහිත අබේගුණවර්ධන, කෙහෙළිය රඹුක්වැල්ල සහ ජොන්ස්ටන් ප්‍රනාන්දු ආදී සියලු දෙනාටම එරෙහිව අධිකරණයේ නඩු විභාග වෙමින් පැවැති බැවින් එම නිසා ඔවුන්ට අධිකරණයට අත තබා ගැනීමේ වුවමනාවක් තිබූ බවත් කී දිසානායක මහතා රාජපක්ෂ මහතාට ඔවුන්ගේ ඒ වුවමනාවේ ගොදුරක් බවට පත්වීමට සිදු වූ බව ද කියා සිටියේය.