https://www.gossiplankanews.com/2018/11/maithripala-fca.html#more
ම ජීවිත කාලය තුළ කිසිදිනෙක රනිල් වික්‍රමසිංහව නැවත අගමැති ධුරයට පත් නොකරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද මෙරට සිටින විදේශීය මාධ්‍ය ආයතනවල වාර්තාකරුවන් අමතමින් පැවති සාකච්ඡාවකදී අවධාරණය කළේය.
'එක්සත් ජාතික පක්ෂයට බහුතරය තිබුණත් අගමැති කරන්න රනිල් වික්‍රමසිංහව මං ඉදිරියට රැගෙන නොඑන ලෙස මං ඒ අයට පැහැදිලිවම කිව්වා.' ඔහු පවසා ඇත.
ඔහුව ධූරයෙන් පහ කරන්නට හේතුවූ කාරණාව
කුමක්දැයි මාධ්‍යවේදීන් විමසූ අවස්ථාවේ 'රනිල් වික්‍රමසිංහ ඔක්තෝබර් 26 වැනිදා මං ධුරයෙන් ඉවත් කළේ, ඉතාම දුෂිත කෙනෙකු නිසා මට ඒක කරන්නම වුණා.'
ඔහු දූෂිතයි. ඔහුගේ ආර්ථික ප්‍රතිපත්ති

දේශීය කර්මාන්ත සඳහා හොඳ නැහැ. ඔහු අපේ සංස්කෘතියට අනුකූල නොවන අතිශය ලිබරල් ආණ්ඩු ක්‍රමයක් අනුගමනය කළා මට ඉවසන්න බැරිවුණා..ජනාධිපති ඉතා හැඟීම් බරව ප්‍රකාශ කළ බව ප්‍රංශ පුවත් සේවය වාර්තා කර තිබේ.

ඔහු දූෂිතයෙකු යයි කිසි තැනක ඔප්පුවී තිබේදැයි එයට ප්‍රතිචාර ලෙස විමසූ පැනයට පිලිතුරු දෙමින් ජනපති පවසා ඇත්තේ, 'රනිල්ගේ ආණ්ඩුව යටතේ 2015 සිට සිදුවූ දූෂණ වංචා සෙවීමට මං ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවක් පත් කිරීමට කටයුතු කරනවා. එතකොට බලාගන්න පුළුවන්' ලෙසිනි.

පාර්ලිමේන්තුවේ බහුතරය ඇති තනි විශාලතම පක්ෂය හැටියට එජාපයේ නායකයා අගමැති ධුරයට පත් කළ යුතු නොවේ දැයි මාධ්‍යවේදීන් මෙහිදී ජනාධිපතිවරයාගෙන් විමසා තිබෙන අතර 'මං වැඩ කරන්නෙ සම්ප්‍රදාය හැටියට  අගමැති ධුරයට පත් කරන තැනැත්තා ජනාධිපතිවරයා සමග වැඩ කළ හැකි අයෙකු විය යුතු වීම සම්ප්‍රදායයි. රනිල් එක්ක ඒක කරන්න බැහැ. මගේ දිවි ඇතිතුරා ඔහු මං අතින් අගමැති වෙන එක්ක නෑ' ජනාධිපතිවරයා පවසා තිබේ.

මහින්දටත් බහුතරයක් නැතිව දැන් රට අවුල් වෙලා නේද මෙයට දැන් ලබාදිය හැකි විසඳුම කුමක්දැයි අවසානයේ සියලු විදෙස් ජනමාධයවේදීන් විමසා ඇති අතර 'බහුතරය ඇත්නම් එක්සත් ජාතික පක්ෂයට වෙනත් අයෙකු රැගෙන පැමිණිය හැකි යයි මෛත්‍රිපාල ජනපතිවරයා පවසා තිබේ.

ඔක්තෝබර් 26 අගමැති ධූරය වෙනස් කළ ආසන්න කාලයේද ජනපතිවරයා පවසා තිබුනේ අගමැති ලෙස රනිල් පත් වන්නේ නම් තමන් පැයක්වත් ජනපති පුටුවේ නොසිටින බවයි.