https://www.gossiplankanews.com/2018/11/maithripala-butterfly-speech.html#more
නාධිපති මෛත්‍රීපාල සිරිසේන අද “ජන මහිම” ජන රැළිය අමතමින් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ පුද්ගලික ජීවිතයටද පහර ගසමින් විවේචනය කළේය.
“මම සතුටුවෙනවා අවුරුදු හතරකට පස්සේ මහින්ද රාජපක්ෂ මහතාටත් මටත් එකම
වේදිකාවකට එන්න ලැබීම ගැන. නොවැම්බර් මාසය පුදුම මාසයක්. 2014 මම මහින්ද රාජපක්ෂ මහතාගේ කැබිනට් මණ්ඩලයෙන් ඉවත්වුණා. 2018 නොවැම්බර් මාසයේදී අපි එකම වේදිකාවකට ආවා.
රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යධුරයෙන් ඉවත් කර මහින්ද රාජපක්ෂ මහතා

අගමැති ධුරයට පත්කිරිමෙන් බලාපොරොත්තු වුණේ, පුටවට මාරු කළේ ශරීර දෙකක් නෙමෙයි.
 මේ මාරු වුණේ මිනිස්සු දෙන්නෙක් නෙමයි. මේ මාරු වුණේ මේ රටට අහිතවත් අපට නොගැලපෙන අපේ සිතුම් පැතුම් හඳුනා නොගත් දර්ශණයයි අපි පුටුවෙන් ඉවත් කළේ.
මේ පුටුවට පත්කළේ අපට රටට ගැළපෙන දේශයට ගැලපෙන, විදේශීය දේශපාලන න්‍යායන් ප්‍රතික්ෂේප කරන මහින්ද රාජපක්ෂ මහතායි. පළාත් පාලන මැතිවරණයෙන් පස්සේ, විශ්වාසභංග යෝජනාවෙන් පස්සේ මම කථානායක කරු ජයසූරිය මහතාට කිව්වා අගමැති පුටුව භාර ගන්න කියලා.

කරු ජයසූරිය මහතාට මම වැන්දේ නැති ටික විතරයි.  රනිල් වික්‍රමසිංහ මහතාත් එක්ක ඇවිත් කිවේවේ මේ අගමැතිතුමාට මට විරුද්ධ වෙන්න බෑ කියලා. කරු ජයසූරිය එදා ඒ විදිහට මාව අමාරුවේ දැම්මා.
පසුගිය මාස දෙකේදි එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාට ගෙදරට එන්න

කියලා ඔබේ නායකයාත් එක්ක වැඩ කරන්න මට බෑ කිව්වා. මම සජිත්ට කිව්වා මාස හයකට කලින් බාර ගන්න කියලා. ඔහු පස්ස ගැහුවා. මම සජිත්ට කිව්වා රනිල් අයින් කරමු ඔබ අගමැති බාර ගන්න කියලා මම කිව්වා.

මහින්ද රාජපක්ෂ මැතිතුමා පත්කළේ ගිය සතියේ.  රනිල් එක්ක හැප්පෙන්නෙ නෙමෙයි රනිල් පෙරලගෙන යන්න පුළුවන් නායකයෙක් මම අගමැති කළා.
විදේශීය න්‍යාය පත්‍රවලට අපට වැඩ කරන්න බෑ. රනිල් වික්‍රමසිංහ ආර්ථික දර්ශනය අහිසංක ජනතාව ගැටලුවට පත්කළා. රනිල් වික්‍රමසිංහ මහතා සමනල ජීවිතයකට ඇතුළත් වුණා. ආණ්ඩුවේ තිරණ ගත්තේ රනිල් වික්‍රමසිංහ මහතා හා සමනල රැළයි. රනිල් වික්‍රමසිංහ මහතා ගියාද මහ නායක හිමිවරුන් හමුවෙන්න ගියාද, ජයශ්‍රී මහා බෝධියට ගියාද,කාදිනල් හිමියන් හමුවෙන්න ගියාද. රනිල් වික්‍රමසිංහ මහතා තානාපති කාර්යාල ඉදිරිපට දණින් වැටිලා ඉන්නවා.

මම තනියම තීන්දු අරගෙන නෑ. නිත්‍යානුකූලවයි මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධූරයට පත්කළේ. රනිල් වික්‍රමසිංහ මහතා ධූරයෙන් ඉවත් කළේ. කැබිනට් මණ්ඩලය ඉවත් කළේ. නව ඇමතිවරු පත්කළේ. නීතිමය ප්‍රශ්ණයක් තිබෙනවානම් ඕනම කෙනෙකුට ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න පුළුවන්.

අපි පාර්ලිමේන්තුව ශක්තිමත් කරනවා. 113 සැක හිතන්න එපා. 113 හදලා ඉවරයි.
මොන බලවේග තර්ජන පීඩා කළත් මම තැබූ පය ගත්ත තීන්දුව ඉදිරියටම යනවා පසුපසට යන්නේ නෑ”