https://www.gossiplankanews.com/2018/11/maithri-discussion.html#more

11.00 pm Update

ඊයේ සිදු කළ ආරාධනයෙන් පසුව එක්සත් ජාතික පෙරමුණ සමග අද සන්ධ්‍යාවේ ජනපතිවරයා පැවැත්වූ සාකච්ඡාව විවිධ කරුණු ඔස්සේ ඇදී ගිය බවත් අර්බුදයට විවිධ විසඳුම් ජනපති යෝජනා කළ බවත් එයට එක්වූ රිෂාඩ් බදුර්දීන් මන්ත්‍රීවරයා දන්වා තිබේ. කෙසේ වෙතත් සාකච්ඡාව අවසන් වූයේ
එකඟතාවයකින් තොරව බවට ඔහු දන්වා ඇත. මේ අතර අද පැවති සාකච්ඡාව ගැන එජාප මහලේකම් අකිල විරාජ් පවසා සිටියේ  එහිදී ජනපති ප්‍රශ්න සියල්ල හොඳින් තේරුම්ගෙන ධනාත්මකව අදහස් පළ කළ බවයි. නමුත් විසඳුමකට එළැඹෙන්නට වේලාව හරස්වූ බවත් නැවත ලබන 2 ඉරිදා තමා සමග හමුවන්න එන්නැයි කියමින් ජනපති සාකච්ඡාව අවසන් කරමින් දැන්වූ බවත් ඔහු පවසා තිබේ.

--------------
9.30 pm Update
පවතින අර්බුදකාරී තත්වය විසඳීමට උවමනාවක් දක්වමින් ඊයේ කතානායක සමග සාකච්ඡාවක් කිරීමෙන් පසු
අද සන්ධ්‍යා කාලයේ

ජනපති මෛත්‍රිපාල සිරිසේන ටීඑන්ඒ පක්ෂයේ නියෝජිතයින් සමගත් එජා පෙරමුණේ නියෝජිතයින් සමගත් වෙන වෙනම සාකච්ඡා පවත්වන්නට යෙදුණ අතර රාත්‍රී 9 පමණ වන විට ටීඑන් ඒ සමග සාකච්ඡාව අවසන් විය.
එහිදී ජනපතිවරයා විපක්ෂ නායක සම්බන්ධන් සුමන්තිරන් ඇතුලු මන්ත්‍රීවරුන් හා පවසා ඇත්තේ  එලැඹෙන 5 වනදා පාර්ලිමේන්තුවට තවත් විශ්වාසභංගයක් ගෙන එන ලෙසයි. එයට තමන් එකගතාවය පළ කරන්නට සූදානම් බවයි.
 (7 වනදා යනු නඩු තීන්දුවේ දවසයි)

ඔවුන් පවසා ඇත්තේ මේ වනවිටත් විශ්වාස භංග කිහිපයක්ම ගෙනවිත් සම්මත කර ඇති නිසා එබදු අවශ්‍යතාවයක් නැති බවයි.
මේ අතර ද්‍රවිඩ සිරකරුවන් නිදහස් කිරීමේ ප්‍රශ්නය විසදාලන බවද ඔවුනට ජනපති පොරොන්දුවී ඇති අතර 3 වනදා ඒ ගැන කතාකරන්නට හමුවන ලෙසද බලාපොරොත්තු ඇති කර ඇත.
එජා පෙරමුණ සමග සාකච්ඡාව තවම අවසන් කර නැත.