https://www.gossiplankanews.com/2018/11/karu-maithripala-letter.html
ද (14) දින පාර්ලිමේන්තුවට භාර දෙන ලද විශ්වාසභංග යෝජනාවේ පිටපතක් සමඟ ඊට අදාළ සභාවේ තීරණය සහ ජනාධිපති විසින් පත් කළ නව අග්‍රාමාත්‍යවරයා සහ කැබිනට් මණ්ඩලය ව්‍යවස්ථා විරෝධි බවට
සඳහන් කරමින් මන්ත්‍රීවරු 122 දෙනෙකුගේ අත්සන් තබන ලද

ලිපියේ පිටපතක් ද ව්‍යවස්ථානුකූලව ඉදිරි පියවර ගැනීම සඳහා ජනාධිපතිතුමා වෙත දන්වා යැවීමට කථානායකවරයා විසින් පියවර ගන්නා බව දැනුම්ත් කරමින්  නිවේදනයක් නිකුත් කර ඇත.

ජ.වි.පෙ. මන්ත්‍රීවරු 6 ක් ද, දෙමළ ජාතික සන්ධානයෙන් මන්ත්‍රීවරු 14 ක් ද, එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් 98 ක් ද ඊට අස්සන් තබා ඇත.
ඊට අමතරව අද දින ආණ්ඩුවෙන් ඉවත් වූ වඩිවේල් සුරේෂ්, මනුෂ නානායක්කාර, ඒ එච් එම් ෆවුසි, පියසේන ගමගේ යන අය ද ඊට අස්සන් තබා ඇත.
ඒ අනුව ජනපතිවරයා පාර්ලිමේන්තුවේ බහුතරය අගමැති මහින්ද රාජපක්ෂට නැතිබව තේරුම් ගත යුතුවන අතර
ඔක්තෝබර් 26 වනදා ජනපතිගේ තීරණය වෙනස් කර බහුතරය හිමි පක්ෂයේ නායකයෙකු අගමැති ලෙස පත් කිරීමේ වගකීම මේ වනවිට ජනපති මෛත්‍රිපාල සිරිසේන වෙත පැවරී තිබේ.

අද දින පාර්ලිමේන්තුව නැරඹීමට විදෙස් රටවල් නියෝජනය කරන තානාපති නියෝජිතවරුද පැමින සිටි අතර ඇතිවූ සිද්ධිදාමය විදෙස් මාධ්‍ය තුළද වාර්තා කර තිබේ.
ඒ අනුව ජනපති කවර තීරණයක් ගනු ඇතිද යන්න දෙස් විදෙස් අවධානය යොමුව තිබේ.