https://www.gossiplankanews.com/2018/11/anuradhapura-astro-point.html#more

රට තුළ ඇති වී තිබෙන දේශපාලන අස්ථාවර භාවයත් සමඟ හිටපු මැති ඇමැතිවරුන් මෙන්ම වර්තමාන ආණ්ඩුවේ මෙතෙක් ඇමැති ධුරයන් නොලැබුණු දේශපාලනඥයන් කිහිප දෙනකුම ඉදිරීයේ ඇති විය හැකි
දේශපාලන තත්ත්වය පිළිබඳව කල්තියා අනාවැකි විමසා ගැනීම සඳහා අනුරාධපුරයේ පිහිටි ප්‍රබල දේවාලයකට පැමිණ රැය පුරා තම වාරය පැමිණෙන තුරු බලා සිටින බව වාර්තා විය. අනුරාධපුර නගර ආසන්නයේ පිහිටි මෙම දෙවොලට රටේ සිදුවූ බල පෙරළියත් සමඟ අනාගතය කඩිනමින්  දැක බලා ගැනීම සඳහා

පක්ෂ විපක්‍ෂ දේශපාලනඥයන් පැමිණෙන බව වාර්තා වූ අතර පසුගිය දින කිහිපයේම එම ස්ථානයට මහින්ද රාජපක්‍ෂ අගමැතිතුමන්ට සහාය දක්වන පිරිසක් පැමිණ සිටි බව දැනගන්නට ලැබිණි.

මහින්ද රාජපක්‍ෂ මහතා ඉතා කිට්ටුවෙන් ඇසුරු කරන ඔවුන් සුදු ඇඳුමින් සැරසී සිය අවස්ථාව පැමිණෙන තුරු නිදි වර්ජිතව අදාළ ස්ථානයේ රැඳී සිට ඇති අතර බල පෙරළිය පිළිබඳව දේවතාවුන් වහන්සේ පැවැසූ කිසිවක් අනාවරණය කර ගැනීමට නොහැකි විය. පසුගිය වසර කිහිපය  පුරා අනුරාධපුර නගර ආසන්නයේ පිහිටි මෙම ස්ථානයට රටේ ප්‍රබල චරිත රැසක් අනාවැකි කල්තියා දැන ගැනීම සඳහා පැමිණ ඇති අතර එම අනාවැකියක් නිවැරැදිව පැවැසීම නිසා අදාළ ස්ථානය වීශාල ප්‍රසිද්ධියකට පත්විය.

 ඒ හේතුවෙන් අදාළ ස්ථානයට රටේ ප්‍රබලයන්ගේ දැඩි ප්‍රශංසාව මෙන්ම වැඩි බුහුමන් ලැබුණු බවත් වාර්තා විය. මේ වනවිට අනුරාධපුර නගරයේ පිහිටි ඓතිහාසිකව වැදගත්කමක් ඇති පූජනීය ස්ථානවලත් වර්තමාන ආණ්ඩුවට සියලු පක්‍ෂවල සහාය ලැබේවා කියමින් විවිධ කන්නලව් පවත්වා තිබෙන අතර නිහඬව සිටින හිටපු ආපදා කළමනාකරණ අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ ස්ථාවරයන් වෙනස් වී වර්තමාන අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ආණ්ඩුවට හිතකර තීන්දුවක් ලැබේවා කියමින් පාක්ෂිකයන් පිරිසක් පෙරේදා (30දා) රාත්‍රියේ මිහින්තලය පූජා භූමියේ පිහිටි කටුසෑය අසල විශේෂ පූජාවක්ද පවත්වා තිබේ.


-මහේෂ් විජේසුරිය-