හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අද 2 දිනයේත් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ
රාජකාරි කටයුතු කරන බව

වාර්තා වෙයි. ඔහු
පසුගිය දිනවල ප්‍රවෘත්ති සාකච්ඡාවලදී පැවසුවේ තමා ව්‍යවස්ථාව අනුව කෙරෙන දේවල් මිස ව්‍යවස්ථා විරෝධී දේවල් පිළිනොගන්නා බවයි. ඒ අනුව බසුගියදා ජනපතිගේ තීරණය ඔහු පිළිනොගන්නා බවද දන්වා තිබුනි.
මේ අතර ඇතැම් ප්‍රවෘත්ති සාකච්ඡාවලදී හිටපු ඇමතිතුමනි - මන්ත්‍රීතුමනි ආදී ලෙස මාධ්‍යවේදීන් විමසන විට තමා තවම ඇමති බවයි.
පාඨලී චම්පික රණවක මහතාගේ නිල ‍ෆේස්බුක් ගිණුමේ අද(02) දින අමාත්‍යංශ වෙත ගොස් රාජකාරි කටයුතු සිදු කරන අයුරු සටහන් ව ඇත.