මනාල මහතා විවාහ මංගල උත්සවයට නොපැමිණියා යැයි මනාලියක් කළ පැන්සලට දෙපාර්ශවයම කැඳවා ප්‍රකාශ සටහන්, කරගෙන පැමිණිලිකාරියට සිවිල් අධිකරණයේ නඩුවක් ගොනු කරන ලෙස පෙරේදා (30දා) පොලිසිය උපදෙස් දී ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් කෑගල්ල මූලස්ථාන පොලිසියෙන් වාර්තා වෙයි. මෙලෙස උපදෙස් දී ඇත්තේ කෑගල්ල දේවාලේගම පදිංචි 36 හැවිරිදි කාන්තාවකටය. වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය.

කෑගල්ල දේවාලේගම ප්‍රදේශයේ 36 හැවිරිදි තරුණියක් ඇඟලුම් ආයතනයක වසර 10ක පමණ කාලයක සිටි මැෂින් ක්‍රියාකරවන්නියක ලෙස සේවය කරමින් සිටියි. ඇය අම්පාර ප්‍රදේශයේ පදිංචි දැනට මිත්තණියගේ නිවසේ තාවකාලිකව පදිංචිව සිට  අදාළ ඇගලුම් ආයතනයේ සේවයට පැමිණ ඇති අතර

එහිදී 21 හැවිරිදිවූ තරුණයකු සමඟ මීට වසරකට පමණ ඉහතදී ප්‍රේම සම්බන්ධතාවක් ඇති කරගෙන ඇති බව පොලිසිය කියයි. පසුව මෙම තරුණයා සහ තරුණිය කිසිවකුට නොදන්නවා විවාහ රෙජිස්ට්‍රාර්වරයකු ළඟට ගොස් විවාහ වී ඇති අතර පසුව යුවළ විවාහ වීම සම්බන්ධයෙන් මනාලියගේ පාර්ශ්වයේ අය පමණක් දැනගෙන ඇති බවද පොලිසිය කියයි.

ප්‍රේම සම්බන්ධතාව ආරම්භ කළ 21 හැවිරිදි තරුණයා මවුපියන් හට විවාහ වූ බව නොදන්වා ඇති බවද වාර්තනා වෙයි. මේ අතර මනාලියගේ මවුපියන් සිය දියණීයගේ විවාහ මංගල්‍යය උත්සව අතිඋත්කර්ෂවත් අන්දමින් සිදුකිරීමට අවශ්‍ය සියලුම කටයුතු සිදුකර ඇති අතර අලව ප්‍රදේශයේ විවාහ මංගල උත්සව ශාලාවක් ඒ වෙනුවෙන් වෙන්කරගෙන තිබිණි. මනාලයා මංගල දිනයට පෙර දින වූ 24දා මනාලියගේ නිවසට පැමිණ ආපසු ගොස් ඇති අතර පසුදින මනාලිය සිය මංගල ඇඳුමින් සැරසී ඥාතීන් සමඟ විවාහ මංගල්‍යය පැවැත්වෙන අලව්වේ උත්සව ශාලාවට
ගොස් තිබිණි.

උත්සව ශාලාවේ ඡායාරූප ශිල්පීන් උඩරට වෙස් කණ්ඩායමක් හා සංගීත කණ්ඩායමක්ද සුදානම් කර තිබුණු අතර මනාලිය පෝරුවට නැගීමටද මනාලයා පැමිණෙන තෙක් බලා සිට ඇති අතර මනාලයා නොපැමිණ මෙන් සිද්ධිය සම්බන්ධයෙන් ඥාතීන්ට හා පැමිණ සිටි සියලුදෙනාට දන්වා මනාලිය මවුපියන් සමඟ කෑගල්ල මූලස්ථාන පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක කේ.එන්. සමරනායක මහතා වෙත දැන්විය. පසුව ස්ථානාධිපතිවරයා ළමා හා කාන්තා කාර්යාංශයට යොමු කළ අතර එම කාර්යාංශය විසින් දෙපාර්ශ්වයම කෑගල්ල පොලිසිය වෙත කැඳවා තිබියි. එහිදී මනාලයාගේ මවුපියන් විමතියට පත්ව ඇති අතර දෙපාවර්ශවයේ ප්‍රකාශ සටහන් කරගෙන පොලිසිය පැමිණිලිකාරියට ප්‍රකාශ කර ඇත්තේ සිවිල් අධිකරණයේ නඩුවක් ගොනු කර එහි පිහිට පනත ලෙසය.

චමින්ද ජයලත්