https://www.gossiplankanews.com/2018/11/14-parliament-maithree-notice.html#more
නාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ මස 14 වැනි දින බදාදා පාර්ලිමේන්තුව කැඳවීමට තීරණය කර තිබේ.අද ඒ සම්බන්ධ ගැසට් නිවේදනය නිකුත් කෙරිණ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වැනි ව්‍යවස්ථාවේ 3 – 1 අනු ව්‍යවස්ථාවෙන්
තමා වෙත පැවරි ඇති බලතල

ප්‍රකාරව ජනාධිපතිවරයා විසින් මෙම තීරණය ගනු ලැබ ඇති බව ගැසට් නිවේදනයේ දැක්වේ.ඒ අනුව මේ මස 14 වැනි දින උදෑසන 10 ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි.
අගමැති ලෙස මහින්ද රාජපක්ෂ පත් කර පාර්ලිමේන්තුව 16 වනදාට කල් තැබීම මෛත්‍රිපාල සිරිසේන විසින් සිදු කළ අතර එය හිතකර දේශපාලන තීන්දුවක් නොවන බවට විවේචන පැනනැගුණි.
අනතුරුව 5 වනද,7 වනදා ලෙස විවිධ ආරංචි පැතිරී කලින් තීන්දු කළ දිනයට දින දෙකකට පෙර 14 බදාදා මේ ආකාරයට පාර්ලිමේන්තුව රැස් කිරීමට තීරණය කර ඇත.
මෙදින ආණ්ඩු බලය උරගෑමේ ඡන්ද විමසීමක් සිදුවනු ඇති බවට දේශපාලන ලෝකයේ කතාබහක් තිබේ.