https://www.gossiplankanews.com/2018/10/udagam-destroy.html#more
නිවාස හා ඉදිකිරීම් පිළිබඳ හිටපු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා විසින් හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඉදිකරන ලද උදාගම්මාන රැසක තිබූ නාමපුවරු පසුගිය සිකුරාදා සිදුවූ බල පෙරළියෙන් පසු
විවිධ පිරිස් විසින් අනපේක්ෂිත ලෙස විනාශ කර ඇත.

එම ඇතැම්වා සමරු පලක හා නාම පුවරු වූ අතර මහජන මුදලින් ඒවා සකස්කර නිකරුණේ විනාශ කිරීම නාස්තිකාර ක්‍රියාවක් විය.
මිට අමතරව වෙනත් සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කරමින් ස්ථාපිත කර තිබූ දැන්වීම් පුවරු කිහිපයක්ද ගිනි තබා විනාශ කර ඇති අතර, නව අගමැතිවරයා පත්වීමත් සමග එම පාක්ෂිකයන්  විසින් මෙම පුවරු කඩා දමා ඇතැයි ආරංචි පළවේ.