අගමැතිධුරය නීත්‍යනුකූලව කටයුතු කිරිම බලය හිමිවන්නේ කාටදැයි සඳහන් කරමින් නීතිපතිවරයා කිසිදු
ආකාරයක කරුණු පැහැදිලි කිරිමක් කතානායකවරයාට එවා නැතැයි කතානායක මාධ්‍ය අංශය පවසයි.
මේ සම්බන්ධයෙන් කතානායක

මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක මෙසේ සඳහන් වෙයි. අග්‍රාමාත්‍යධුරයේ නීත්‍යනුකූලව කටයුතු කිරිමේ බලය හිමිවන්නේ කාහට ද යන්න පිළිබඳව කථානායකතුමන් අමතා නීතිපතිවරයා විසින් පැහැදිලි කිරීමක් යොමු කර ඇති බවත් එම පැහැදිලි කිරීම කථානායකතුමන් විසින් අනාවරණය නොකරන බවටත් 2018.10.29 වන දින ඇතැම් පාර්ශ්ව විසින් කර ඇති ප්‍රකාශ කෙරෙහි අපගේ අවධානය යොමුව ඇත. එම ප්‍රකාශ සහ ඒ අයුරින් පළවන මාධ්‍ය වාර්තා මුළුමනින්ම සාවද්‍ය බවත්, එවැනි කිසිදු ආකාරයක පැහැදිලි කිරීමක් මේ වනතෙක් කථානායකතුමන් වෙත ලැබී නොමැති බවත් වගකීමෙන් යුතුව සඳහන් කරමු.

මේ සමග නීතිපතිවරයා එවූ ලිපියද පළවේ.