https://www.gossiplankanews.com/2018/10/sri-lanka-victory-over-england.html#more
කොළඹ ආර්.ප්‍රේමදාස පිටියේ පැවැති ශ්‍රී ලංකා – එංගලන්ත පස්වැනි එක්දින තරගයේදී ශ්‍රී ලංකා පිල එංගලන්තය පරදා ඊයේ ජයග්‍රහණය කළා. පසුගිය දින කිහිපයේම තරග වලට වර්ෂා බාධා එල්ලවූ නිසා ඩක්වත් ලුවිස් න්‍යාය මත තරග තීරණය වීමට ඉඩ ඇති බැවින් කාසියේ වාසිය ලද සැණින්
ඉහළ ලකුණු සංඛ්‍යාවකට යාම උපාය කරගත් ශ්‍රී ලංකා පිල එම උපාය ජයගත්තා.
ඒ අනුව විවේචකයින්ගේ පීඩනය මැද අනපේක්ෂිත දක්ෂතාවයකින් ඉහළට මතුවීම ජාත්‍යන්තර ක්‍රීඩා මාධ්‍ය තුළ කතා බහටද ලක් විය. මුලින් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිල කඩුළු 6 කට ලකුණු 366 ක් ලබා  එංගලන්තයට 367 අසීරු ඉලක්කයක් ලබාදුන් අතර වර්ෂා බාධා ලබා තරගය නතර කරන විට පන්දුවාර 26.1 කදී එංගලන්ත පිල කඩුළු 9 කට ලකුණු 132 ක් පමණක් ලබා තිබුණි. ඒ අනුව ඩක්වත් ලුවිස් න්‍යාය මත ශ්‍රී ලංකාව ජයගත්තා.


කාසියේ වාසිය දිනා පන්දුවට පහර දීමට තීරණය කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුන් යුගලය වූ නිරෝෂන් දික්වැල්ල සහ සදීර සමරවික්‍රම  (ලකුණු 54)ඉතා හොඳ ආරම්භයක් ලබා ගත්තා.ඔවුන් ගොඩ නැගූ සබඳතාව ලකුණු 137කි.
ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ල ලකුණු 95ක් ලබා ගත්තේ හතරේ පහරවල් 12ක් ද සමගයි. නිරෝෂන් දික්වැල්ලගේ කඩුල්ල ශතකය ආසන්නයේ දී දවා ගැනීමට එංගලන්ත පන්දු යවන ක්‍රීඩක මොයීන් අලී සමත් වුණා.

චන්දිමාල් ලබා ගත්තේ සිය එක්දින දිවියේ 22වැනි අර්ධ ශතකයවන අතර කුසල් මෙන්ඩිස් ලබා ගත්තේ සිය 12වැනි අර්ධ ශතකයයි.
ඔවුන් දෙදෙනා ගොඩනැගුවේ ලකුණු 102ක සබඳතාවකි. ලකුණු 56ක් ලබා සිටියදී උඩපන්දුවක් ලබා දී කුසල් මෙන්ඩිස් දැවී ගියා.
පසුගිය කාලයේ දිගින් දිගටම අසාර්ථක වූ මෙන්ඩිස්ගේ අද ඉනිමට හයේ පහර 06ක් සහ එක් හතරේ පහරක් ඇතුලත් වූවා.
ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල්  පන්දු 73ක් තුළ ලකුණු 80ක් ලබාගත්අතර ඔහුගේ ඉනිමට හයේ පහර 02ක් සහ හතරේ පහර 06ක් ඇතුළත් වූවා.
ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 366ක් රැස් කළේ ය. මෙම ලකුණු සංඛ්‍යාව එංගලන්තට එරෙහිව එක්දින තරගයකදී ශ්‍රී ලංකා කණ්ඩායමක් රැස් කළ ඉහළම ලකුණු සංඛ්‍යාවද වේ.
ජයග්‍රහණය සඳහා ලකුණු 367ක ඉලක්කයක් වෙනුවෙන් පිටියට පිවිසි එංගලන්ත කණ්ඩායමේ පළමු කඩුලු 3 ලකුණු 4 කදී බිඳ වැටිණි.
ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වෙමින් බෙන්ස් ස්ටොක් ලකුණු 67 ක් රැස් කළේය. දුෂ්මන්ත චමීර පන්දුවාර 6 කදී ලකුණු 20කට කඩුලු 3ක් දවා ගත් අතර අකිල ධනංජය පන්දුවාර 6 යි එක් පන්දුවකදී ලකුණු 19 ට කඩුලු 4 ක් දවා ගත්තේය.
ජයග්‍රහණයෙන් අනතුරුව ක්‍රීඩාගාරයට ගිය ශ්‍රී ලංකා පිල එක්වී අභිමානය වඩවන සමූහ ගීතයක්ද සමාජ මාධ්‍ය වෙත එක්කරන ලදි.
පහත පළවන්නේ එයයි.