මේවන විට කොළඹ ආර්.ප්‍රේමදාස පිටියේ පැවැත්වෙන ශ්‍රී ලංකා – එංගලන්ත පස්වැනි එක්දින තරගයේදී ශ්‍රී ලංකා පිල මේ තාක් දැක්වූ දුර්වල ක්‍රීඩා විලාශය වෙනුවට අනපේක්ෂිත දක්ෂතාවයකින් ඉහළට මතුවීම ජාත්‍යන්තර ක්‍රීඩා මාධ්‍ය තුළ කතා බහට ලක්ව තිබේ.

මුලින් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිල කඩුළු 6 කට ලකුණු 366 ක් ලබා ඇති අතර එංගලන්තයට 367 ක

අසීරු ඉලක්කයක් ලබාදී ඇත.
ප.ව. 7.15 වනවිට එංගලන්ත පිල ලකුනු 17 කට කඩුළු 3 ක් දැවී ඇත.
කාසියේ වාසිය දිනා පන්දුවට පහර දීමට තීරණය කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුන් යුගලය වූ නිරෝෂන් දික්වැල්ල සහ සදීර සමරවික්‍රම  (ලකුණු 54)ඉතා හොඳ ආරම්භයක් ලබා ගත්තා.ඔවුන් ගොඩ නැගූ සබඳතාව ලකුණු 137කි.
ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ල ලකුණු 95ක් ලබා ගත්තේ හතරේ පහරවල් 12ක් ද සමගයි. නිරෝෂන් දික්වැල්ලගේ කඩුල්ල ශතකය ආසන්නයේ දී දවා ගැනීමට එංගලන්ත පන්දු යවන ක්‍රීඩක මොයීන් අලී සමත් වුණා.
චන්දිමාල් ලබා ගත්තේ සිය එක්දින දිවියේ 22වැනි අර්ධ ශතකයවන අතර කුසල් මෙන්ඩිස් ලබා ගත්තේ සිය 12වැනි අර්ධ ශතකයයි.
ඔවුන් දෙදෙනා ගොඩනැගුවේ ලකුණු 102ක සබඳතාවකි. ලකුණු 56ක් ලබා සිටියදී උඩපන්දුවක් ලබා දී කුසල් මෙන්ඩිස් දැවී ගියා.
පසුගිය කාලයේ දිගින් දිගටම අසාර්ථක වූ මෙන්ඩිස්ගේ අද ඉනිමට හයේ පහර 06ක් සහ එක් හතරේ පහරක් ඇතුලත් වූවා.
ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල්  පන්දු 73ක් තුළ ලකුණු 80ක් ලබාගත්අතර ඔහුගේ ඉනිමට හයේ පහර 02ක් සහ හතරේ පහර 06ක් ඇතුළත් වූවා. අද තරගයේ සංචිතයෙන් ලසිත් මාලිංග ඉවත් කර තිබෙන අතර එහු වෙනුවට එක්කර ඇත්තේ දුෂ්මන්ත චමීර යි.
ලකුණු සටහන පහතින්