https://www.gossiplankanews.com/2018/10/southern-p-s-tense-situ.html#more
කුණු පළාත් සභාව අද  (08) රැස්වූ අවස්ථාවේ මන්ත්‍රීවරයෙකු මුරුංගා කොළ මිටියක් රැගෙන ඇවිත් සිදුකළ කලබලකාරී හැසිරීම නිසා මන්ත්‍රිවරු අතර ගැටිමක් ඇතිව තිබෙන අතර සභාපතිවරයාට සභාව ටික වේලාවකට කල්තැබීමට සිදුවූ බවද වාර්තා විය.
ගාල්ල කලේගාන පිහිටි පළාත්  සභා ශ්‍රවණාගාරයේ දී අද රැස්වීම පවත්වන අතර තුර
දකුණු පළාත් සභාවේ එජනිස මන්ත්‍රි චන්න සාලිය මහතා සභාවට මුරුංගා අතු ඉති හා මලින් සකස් කර ගත් මුරුංගා මල් මාලාවක් රැගෙන ආවේය. මේහිදි පළාත් සභාවට මන්ත්‍රිවරුයා පැමිණෙන විට පළාත් සභාවේ ශ්‍රවණාගාරය දොරටුව අසල රැස්වු එජාප මන්ත්‍රිවරුන් පිරිසක් මන්ත්‍රිවරයාට බාධා කරමින් ඔහු වට කර ගෙන සභාව ශ්‍රවණාගාරයට 


ප්‍රවේශ වන්නට ඉඩ නොදි අහුරා සිට තිබේ.
මන්ත්‍රිවරුයා ගෙන ආ මුරුංගා කොළ මල් මාලාව කඩා විසිකර දැමු  මන්ත්‍රිවරු න් මේ මොන  කෝලමක්ද කියමික් හැමදාමත් පිස්සු කෙළනවා කියමින් පොරකමින් සිට ඇත.

පසුව සභාවට පැමිණි චන්න සාලිය මන්ත්‍රිවරයා තමාට එජාප මන්ත්‍රිවරුන් පහර දුන් බව පැවසුවේය. එවිට එජනිස දකුණු පළාත් සභාවේ මන්ත්‍රි චම්ලි විතානච්චිද එය අනුමත කළේය. මේනිසා යලිත් එජාප හා එජනිස මන්ත්‍රිවරු සභා ශ්‍රවණාගාරයේ වාදයක පැටළුණ අතර එකම ගාලගෝට්ටියක් බවට සභාව පත්විය.
සභාපති සෝමවංශ කෝදාගොඩ මහතා  සභාව විනාඩි පහලොවකට කල් තබන්නට  තිරණය කළේ මේ අනුවය.

පසුව වළිත් සභාව රැස්වු පසුව සභාපතිවරයා කීවේ නිතිගරුක ආකාරයට මේ රැස්වීම පැවැත්විය යුතු බවත් සභාව හැල්ලුවට පත්වන්නට ඉඩ නොදෙන ලෙසත්ය.
කලබලකාරී අවස්ථාවේ වීඩියෝවක් පහතින්

විඩියෝ දසුන් හා සටහන  - සුනෙත් ගාල්ලගේ