https://www.gossiplankanews.com/2018/10/ranil-said-i-am-prime-minister.html#more

අද රාත්‍රී 10.30 ට පමණ අරලියගහ මන්දිරයට රැස්වූ රනිල් වික්‍රමසිංහ ඔහුගේ හිතවාදී ඇමතිවරුන් පිරිස සමග
මාධ්‍ය අමතා සාකච්ඡාවක් පැවැත්වූයේය.

ව්‍යවස්ථාවට අනුකූලව කිසි විටෙකත් වෙනත් අගමැතිවරයෙක් පත් කළ නොහැකි බව රනිල් වික්‍රමසිංහ මහතා එහිදී පවසා සිටියේය.
තවදුරටත් තමා මෙරට අග්‍රාමාත්‍යවරයා ලෙස ක්‍රියා කරන බවත්, වෙන කෙනෙකු ඒ සඳහා නම් කළ නොහැකි බවත්
පාර්ලිමේන්තු සම්ප්‍රදාය තමාට වෙනස් කළ නොහැකි බවත්, ආණ්ඩු බලය හා පාර්ලිමේන්තුව බහුතරයක් තමාට සිටින බවත් ඔහු සඳහන් කළේය. තමා ඉවත්කිරීමට අවශ්‍ය නම් එයට අදාළ නීත්‍යානුකූල ක්‍රමවේදය අනුගමනය කළ යුතු බවද ඔහු පවසා සිටියේය.
තමාට දෝෂාභියෝගයක් පැමිණි අවස්තාවේදීත් තමා පාර්ලිමේන්තු විහ්වාසය සහිත පුද්ගලයා බව ඔප්පු කර පෙන්වූ බවද ඔහු කියා සිටියේය