https://www.gossiplankanews.com/2018/10/political-change-upfa-unp.html


 update 8.30 pm

 මහින්ද රාජපක්ෂ නව අගමැති ලෙස දිවුරුම් දීමට පසුබිම සැලසූ දේශපාලන පෙරළිය පසුපස පක්ෂ මන්ත්‍රීවරු තමන් දෙසට හරවා ගැනීමේ මෙහෙයුමක් පැවති බවත් ඒ අනුව එජාපයේ මන්ත්‍රීවරු 22කගේ සහය නව අගමැති මහින්දට ලබාදීමට සහාය පළ කරමින් එකඟතාවයන් ඇතිවූ බවත්
වාර්තාවේ. ඒ අනුව ඉදිරි පාර්ලිමේන්තු රැස්වීමකදී බහුතර පාර්ලිමේන්තු බලය පෙන්වීමට එජනිසට හැකිවන බව වාර්තා විය.
මේ අතර මුස්ලිම් දේශපාලන නායකයින් වන හකීම් සහ රිෂාඩ්ගේ සහායත් මහින්දට ලැබෙන බව වාර්තා විය.

  update 7.55 pm
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා මීට සුළු වේලාවකට පෙර ජනපති කාර්යාලයේදී නව අගමැතිවරයා ලෙස ජනපති මෛත්‍රිපාල සිරිසේන ඉදිරියේදී දිවුරුම් දුන් බව විශ්වාසදායි ආරංචි ලැබෙමින් පවතී.

 update 7.45 pm
එක්සත් ජනතා නිදහස් සන්ධානය ආණ්ඩුවෙන් ඉවත් වීමට තීරණය කර ඇති බව සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර අමාත්‍යවරයා අද 26 සවස මාධ්‍ය
වෙත දැනුම් දුන්නා.
මෙම තීරණය කතානායකවරයා වෙත

ලිඛිතව දැනුම් දීමේ කටයුතු මේවන විටත් සිදුවෙමින් පවතින බව ඔහු දන්වා සිටියේය.
එජාපය හා එජනිස වසරක හවුල් ආණ්ඩුවකට එලැඹියේ 2015 දීය. එය නැවත දීර්ඝ කිරීමක් හෝ අත්හැරීමක් සිදු නොකර මේ දක්වා දිගටම පවත්වා ගියේ විවිධ පස්පර මතවාද බාධක සහිතවය.
මෙම දේශපාලන වෙනස සමග රජය පවත්වායාමේ බහුතරය සකසා ගැනීමට ප්‍රධාන පක්ෂ දෙක වන එජාපය හා එජනිස අතර තරගයක් බිහිවනු ඇති අතර ඉදිරි දිනවලදී දේශපාලන පෙරළි ගණනාවක්ම මතුවීමට ඉඩ ඇති බවට අනාවැකි පළව තිබේ.