තම පාසලේ සාමාන්‍ය පෙළ හා උසස් පෙළ ඉගෙනුම ලබන සිසුන් දෙදෙනකු ලිංගික අපයෝජනයට ලක් කර ඇතැයි යන චෝදනා මත බියගම අධ්‍යාපන කලාපයට අයත් ප්‍රසිද්ධ පාසලක විදුහල්පතිවරයකු  සපුගස්කන්ද
පොලිසිය 23 වැනිදා සවස ගණේමුල්ල සූරියපාළුවේ ඔහු පදිංචිව සිටි නිවෙසේදී පොලිස් අත්අඩංගුවට ගෙන මහර වැඩබලන මහෙස්ත්‍රාත් වසන්ත රාමනායක මහතා වෙත ඉදිරීපත් කිරීමෙන් පසු සැකකරු 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළේය.

සපුගස්කන්දට පොලිසිය

මෙම සැකකාර විදුහල්පතිවරයාව සාපරාධි කෘෘරත්වයට පත් කර ලිංගික අපයෝජනයට ලක් කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලදී. සැකකාර විදුහල්පතිවරයාට එරෙහිව මවුපියන් කළ පැමිණිල්ලකට අනුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර අපයෝජනයට ලක්ව සිසුන් දෙදෙනා වෛද්‍ය පරීක්ෂණයක් සඳහා රාගම රෝහල වෙත යොමු කර ඇත. නිල නොවන ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට පාසලේදී කිසියම් වරදක් කර අසුවන සිසුන්ට දඬුවම් දීමට විදුහල්පතිගේ කාර්යාලයට පාසල නිමාවීමෙන් පසුව එන ලෙස පවසා දඬුවම් ලෙස ලිංගික අපයෝජනයට පත්කර ඇත.

රහස හෙලිදරවු කළොත් පාසලෙන් පැවැත්වෙන කිසිම තරග විභාගයකට ඉදිරිපත් වීමට ඉඩ නොදෙන බවටද සිසුන්ට තර්ජනය කර ඇතැයි නිල නොවන තොරතුරුවලින් අනාවරණය  වේ. මේ අතර 24 වැනිදා මහර අධිකරණයට සැකකාර විදුල්පතිවරයාගේ පාර්ශ්වයෙන් පැමිණි අය පැවැසුවේ පාසල අරක් ගෙන ඇති මත්ද්‍රව්‍ය ව්‍යසනයට එරෙහි වීම නිසා නීතිගරුක විදුහල්පතිවරයාට අස්ථාන චෝදනා එල්ල කරන බවත් මෙවැනි සිදුවීම් නිසා මත්කුඩු ජාවාරම තව තවත් පාසල් දරුවන් බිලිගන්නා බවත්ය.සපුගස්කන්ද පොලිසිය වැඩිදුර පරික්‍ෂණ මෙහෙයවයි.


-කුසුම් එස්.හැන්නදි-