Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Follow Us on Youtube & Twitter

Advertisements

Trending

Advertisement

Gossip Lanka ලිපි ඔබේ Email ට ගෙන්වාගන්න

https://www.gossiplankanews.com/2018/10/nimal-siripala-statement-on-maithri-decition.html
ද 27 සවස එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මෛත්‍රී පාර්ශ්වය පැවැත්වූ පුවත්පත් සාකච්ඡාවකදී ඊයේ සිදුවූ දේශපාලන පෙරලියට අදාළ තීරණය ජනපති මෛත්‍රී ලබාගත් හේතුව නිල වශයෙන් ප්‍රකාශ වුණා.තමා ඝාතන කුමන්ත්‍රණය ගැන සොයන්නට එජාපයට ඕනෑකමක් නොමැතිවීම නිසාත්
බැඳුම්කර වරදකරුවන්ට දඩුවම් ලබාදීමට තිබූ බාධාවත්  ඉන්දියාව සමග කොන්ත්‍රාත්තු ගැසීමට රනිල්ට තිබූ උවමනාවත් මෙම තීන්දුවට හේතුවූ බව හිටපු ඇමති නිමල් සිරිපාල ද සිල්වා ප්‍රකාශ කළේය.
ඔහු එහිදී මෙසේ කීවේය.

'ජනාධිපතිතුමා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් පිලිබඳව කතාවක් මේ අතරට ආවා. පොලිසිය හා සම්බන්ධ මේ කාරණයේදී ජනාධිපතිතුමා දිගටම කැබිනට් මන්ඩලය තුළත් ඉන් පිටතදීත් පොලිස්පතිවරයා ඉවත් කළ යුතුය කියන දැඩි ස්ථාවරයක හිටියා. එතුමා ඒ කරන ලද ප්‍රකාශයන් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සහයෝගය හා ශක්තිය එජාපය

පැත්තෙන් අපට ලැබුනෙ නෑ. නාලක සිල්වා අත්අඩංගුවට ගැනීමෙන් පසු ජනාධිපතිතුමා මේ ගැන අවධානය වැඩියෙන් යොමු කළා. ඒ වෙලාවෙ යහපාලන ආන්ඩුවට එජාපය සමග තවදුරටත් ඉදිරියට යාහැකිද කියන ප්‍රශ්නය එතුමා අපේ කන්ඩායමට ඉදිරිපත් කළා.
ජනාධිපතිතුමාට අවශ්‍ය වුනා බැඳුම්කර වාර්තාවට අදාලව නඩු පැවරීමට.ඒ වගේම ඉන්දියාවට වරාය නැගෙනහිර පර්යන්තය ලබාදීම ගැන ජනපතිට හා ශ්‍රීලනිපයට තිබූ මතය නෙමේ එජාපයට තිබුනේ.
ඒ නිසා අතීතය ගැන කල්පනා කරන්නේ නැතිව වර්තමානය හා අනාගතය ගැන කල්පනා කරලා එතුමා තීන්දුවක් ගන්න බව අපිට ප්‍රකාශ කළා. අපි එතුමාට සම්පූර්ණ බලය දුන්නා එතුමාට සුදුසු යයි හැගෙන තීරණයක් ගන්න. නීත්‍යානුකූලව අපි රජයෙන් ඉවත්වුනාම අගමැති ධූරය හිස්වෙනවා.

 ඒ අනුව එතුමාගේ මතය අනුව පාර්ලිමේන්තුවේ බහුතරය තියෙන්නේ කාටද කියන එකට මහින්දව පත් කලේ. ඒක ජනපති හැටියට එතුමා තමයි තීරණය කරන්න ඕන. එය අභියෝගයට ලක් කරන්න පුලුවන් පාර්ලිමේන්තුව තුල.

එය වෙනම ප්‍රශ්නයක්. ඒ කරන ලද පත්වීම අවලංගු වන්නෙ නෑ.එහි වලංගුභාවය රඳා පවතින්නේ පාර්ලිමේන්තුවෙ ඒ පිලිබඳව ප්‍රශ්නයක් පැනනැගිලා ඒ පිලිබඳව පාර්ලිමේන්තුවේ තීන්දුවක් ගත්තොත්. නමුත් එතකං නියෝගය වලංගු නියෝගයක් බවට පත්වෙනවා.'




----------------
නවතම පුවත් සමග එසැණින් යාවෙන්න
- ගොසිප් ලංකා ෆේස් බුක්පිටුව - මෙතැනින්
- ගොසිප් ලංකා යූටියුබ් නාලිකාව - මෙතැනින්
- ගොසිප් ලංකා ට්විටර් පිටුව - මෙතැනින්









Gossip Lanka Previous News

තවත් පුවත්

gossip lanka, gossiplankanews.com, gossiplanka, gosiplanka, gossiplankanews, gossiplanka.lk, gossiplanka.com,hiru,hirugossip,neth,neth gossip, sinhala, hot, sri lanka, wedding, rumours,facebook,lankanews, dehiwala, moratuwa, colombo, rajagiriya, kandy, galle, kurunegala, nugegoda, negombo, matara, anuradhapura,kalutara, gampaha, jaffna

Gossip Lanka Side News

Like Us on Facebook

Advertisement

Latest Picture Collections

Gossip Lanka Stats