https://www.gossiplankanews.com/2018/10/juhi-chawla-speaks.html
සුගියදා උත්කර්ෂවත් ලෙස පැවති ''හිරු ගෝල්ඩන් ෆිල්ම් අවෝඩ්ස්'' චිත්‍රපට සම්මාන උළෙලේ  මාධ්‍ය සාකච්ඡාවක් පසුගිය සෙනසුරාදා උදෑසන කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැත්වීණි. එයට ජනප්‍රිය බොලිවුඩ් තාරකාවන් වන ජුහී චව්ලා,ගෝවින්දා,
සයිෆ් අලි ඛාන්, සිද්ධාර්ත් මල්හෝත්‍රා, සරින් ඛාන්, ශිල්පා ෂෙට්ටි සහභාගී වූ අතර ලංකාව හා මෙරට සිනමාව ගැනද ඔවුන් අදහස් පළකරන ලදි.
 ලංකාවේ සංගීත ප්‍රසංගයක් සඳහා ෂාරුක් කාන් සමග මීට වසර

ගණනාවකට ඉහත පැමිණ තිබුණ බොලිවුඩ් නළු සයිෆ් අලි ඛාන්  මෙවර දෙවැනි වරට ලංකාවට පැමිණි අයෙකි.
 ඔහු ගියවර පැමිණි අවස්ථාවේ සෝම හිමි සමරු දිනයක් යයි කියමින් විහාර මහාදේවී පිටියේ ඔවුන් පවත්වමින් තිබූ ප්‍රසංගයට බෝම්බ ප්‍රහාරයක්ද දියත්වූ අතර ඉන්පසු රටින් පිටයාමට පෙර මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා සයිෆ් අලි ඛාන් කියා සිටියේ තමා නැවත කිසිදා ලංකාවේ පස්පාගන්නේ නැති බවකි.

කෙසේ වෙතත් කාලයාගේ ඇවෑමෙන් ඔහු සිය තීරණය වෙනස්කරගෙන මෙවර  උත්සවය වෙනුවෙන් මෙරටට පැමිණ තිබුණි.

ඔහු මෙය ඉතා ආදරණීය මොහොතක් බවත්, කොළඹ යනු ඉතා අලංකාර නගරයක් බවත් කියා සිටියේය.

සුපිරි බොලිවුඩ් නිලි ජුහි චව්ලාද මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූවාය.
'තමන් කිසිදු ශ්‍රී ලාංකේය සිනමාපටයක් නරඹා නැති බැව්' පැවසූ  ඇය මෙම පැමිණිම ගැන ඉමහත් සතුටට පත්වන බව කියා සිටියාය.
මෙහිදී බොලිවුඩ් නිළියක වන ශිල්පි ෂෙට්ටිද ශ්‍රී ලංකාව යනු තමන් ආදරය කරන රටක් බවත්, ශ්‍රී ලාංකාවේ ආහාර බැංගලෝරයේ ආහාරවලට සමාන බවත් පැවසුවාය.
 සිය ප්‍රථම ඉදිරිපත් කිරීම සිදුකිරීමට පැමිණි බොලිවුඩ් නළු සිද්ධාර්ත් මල්හෝත්‍රාද මෙහිදී සිය සිනමා අත්දැකීම පිළිබඳ සතුටින් අදහස් ප්‍රකාශ කළ අතර, ශ්‍රී ලංකාව යනු අරුම පුදුම රටක් බව පැවසුවේ එහි ආදරණීය මිනිසුන් මෙන්ම ආහාර පිළිබඳව අගය කරමිනි.


 නැගී එන බොලිවුඩ් නිළි සරීන් ඛාන් මෙහිදී  තමන් සිනමාවට තවමත් අලුත් බවත්, තමාට  සිනමාව පිළිබඳව පවුල් පසුබිමක් නොමැති බැවින් චකිතයෙන් පසුවන බවත් කියා සිටියාය.

ශ්‍රී ලාංකේය සිනමා කෘතියකට සම්බන්ධ  වීමට කැමතිදැයි ඇසූ ප්‍රශ්නයේදී බොලිවුඩ් තරු සියල්ලෝම පැවසුවේ තමන්ට එවැනි අවස්ථාවක් ලැබුණහොත් ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරන්නේ තිර පිටපතට බවත්, භාෂාව ඉගෙනීම එතරම් අර්බුදයක් නොවනු අති බවත්ය. සංස්කෘතික හුවමාරුවක් හරහා  අදහස් සහ තාක්ෂණය බෙදාගත යුතු යැයි ඔවුන් මෙහිදී පැවසු අතර, වඩාත් වැදගත් වන්නේ හොඳ සිනමා කෘතියකට දායක වීම බවද ඔවුහු පැවසූහ.


https://gallery.gossiplankanews.com/event/hiru-golden-film-awards-2018.html
Pix By -Shameera Gunasekara