අග්‍රාමාත්‍ය මහින්ද රාජප්පක්ෂ මහතාට සහාය පළ කිරීමට ද්‍රවිඩ ජාතික සන්ධානය තීරණයක් ගෙන නැතැයි
විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා 

පැවසීය.  ආණ්ඩුව පවත්වාගෙන යෑමට සහාය ලබාදෙන්නැයි මහින්ද රාජපක්ෂ මහතා තමාගෙන් ඉල්ලීමක් කළ බවත්, තමන් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බවත් විපක්ෂනායකවරයා සදහන් කළේය.

මහින්ද රාජපක්ෂ මහතාගෙන් ලැබුණු ආරාධනයකට අනුව හිටපු ජනාධිපති නිල නිවසට ඊයේ (30දා) පෙරවරුවේ ගොස් ඔහු හමු වූ බවත්, එහිදී ආණ්ඩුවට සහාය දීම සම්බන්ධව කිසිදු එකඟතාවක් ඇති
නොවූ බවත් සම්බන්ධන් මහතා ප්‍රකාශ කළේය.