https://www.gossiplankanews.com/2018/10/duminda-dissanayake-basil.html#more
සුගිය සිකුරාදා මහින්ද රාජපක්ෂ අගමැති ලෙස දිවුරුම් දෙන අවස්ථාවේ මෛත්‍රී අසළින් සිට අත්පොළසන් නගා සුබපැතූ ශ්‍රීලනිප ජාතික සංවිධායක හිටපු ඇමති දුමින්ද දිසානායක  ඉන් අනතුරුව මහින්ද කණ්ඩායම සමග ප්‍රසිද්ධියේ පෙනී සිටියේ නැත. ඔහු ඇමතිකමක් භාරගත්තේද නැත.ඔහු ඇතුළු ශ්‍රිලනිප 11 දෙනෙකුගේ කණ්ඩායමක් ඉදිරියේදී ස්වාධීන මන්ත්‍රීවරුන් ලෙස
සිටින සූදානමක් ගැනද ආරංචි පැතිරිණි.
එයට ප්‍රධාන හේතුව 16 දෙනාගේ කන්ඩායමේ උවමනාවට මෛත්‍රී මහින්ද එක් වුවත් එම එකතුවීම ප්‍රතිපත්තිමය වශයෙන් දුමින්ද කිසිසේත් අනුමත නොකිරීමයි. යහපාලනය පිහිටුවන්නට සූදානම් වූ දා සිට මේදක්වාම මෛත්‍රීපාල සිරිසේනගේ දකුණු අතක් මෙන් කටයුතු කරන

දුමින්ද දිසානායක මීට මාස කිහිපයකට පෙර ගුවන් විදුලි නාලිකාවක පැවති සාකච්ඡා වැඩසටහනකදීද කියා තිබුනේ මෛත්‍රී දිනවීමට මහජනතාවගෙන් ලැබුනේ  මහින්ද විරෝධී ඡන්ද බවත් ඒ නිසා මහින්ද අගමැති කර මෛත්‍රී ජනාධිපති වීම යනු එම මහජන අපේක්ෂාවට පයින් ගැසීමක් බවත්ය.


'අපි මහින්ද හොරා කියල ඡන්ද ගත්තේ එහෙම කියල අපි කොහොමද එයාව අගමැති කරන්නේ. ශ්‍රීලනිප එකතුවෙලා වෙන ඕන කෙනෙක් පත්කරත් මහින්ද පත්කරන එක හරිනෑ' ඔහු එදා කීවේය.
ඒ නිසා ඔහු ඇතුලු පිරිස ඉදිරියේදී රනිල්ට හෝ මහින්දට ඡන්දය ලබා නොදී පාර්ලිමේන්තුවේ ස්වාධීන වීමේ සූදානමක් සැලවිය.

මේ වනවිට මහින්ද රාජපක්ෂගේ අගමැතිධූරය සම්පූර්ණ කරගැනීම සඳහා පාර්ලිමේන්තු බහුතරය සකසා ගන්නා සටනක නිරතවී සිටින මහින්ද සොයුරු බැසිල් දුමින්ද ඇතුලු පිරිස කෙසේ හෝ නම්මවා ගැනීමට අවස්ථා ගණනාවකදී උත්සාහ කර තිබුණි.
අද පෙරවරුවේ හිටපු ඇමති දුමින්ද දිසානායක සමග පැය 2 ක විශේෂ සාකච්ඡාවක් පවත්වන්නටද ඔහු කටයුතු කර තිබුණි.

මෙම හමුවේදී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර ඇතිවී තිබූ ගැටලූ හා ඒවා විසඳාගන්නා ආකාරය පිළිබඳව දීර්ඝව සාකච්ඡා කර ඇත.
මහින්ද පිල සමග එකට කටයුතු කිරීමට සපුරා ලිය යුතු ඕනෑම කොන්දේසියක් තමා නිරාකරණය කර දෙන බවද බැසිල් පවසා ඇත.

නව රජය පිහිටුවීමත් සමඟ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට හා පාක්‍ෂිකයන්ට යම් යම් ගැටලු ඇතිවීමෙන් තමන් කලකිරීමට පත්ව සිටින බව දුමින්ද  මෙහිදී බැසිල්ට ප්‍රකාශ කර ඇති අතර ආණ්ඩුවේ අමාත්‍ය ධුරයක් බර ගන්නැයි බැසිල් කළ ආරාධනය දුමින්ද ප්‍රතික්ෂේප කර ඇති බවද වාර්තා විය. පැය දෙකකට ආසන්න කාලයක් පැවැති සාකච්ඡාව සාර්ථක නොවූ බවට මාධ්‍ය වාර්තා පළව තිබේ.
කෙසේ වෙතත් ඉදිරියේදී තවත් සාකච්ඡා කර මෙය විසඳාගන්නට කැමති බවට දන්වා බැසිල් පිටත්ව ගොස් තිබේ.
මීට මාස කිහිපයකට පෙර නෙත් අන්ලිමිටඩ් වැඩසටහනේ දුමින්ද මෙම විරෝධය පැහැදිලි කළ ආකාරය පහතින්