https://www.gossiplankanews.com/2018/10/doctor-wijeratne-abuse-case.html

චීන කටු ප්‍රතිකාර ගැනීමට පැමිණි රෝගී කාන්තාවකට බරපතළ ලිංගික අතවර කිරිමේ චෝදනාවට වරද පිළිගත් කළුබෝවිල රෝහලට අනුයුක්තව තිබූ චීන කටු චිකිත්සක මධ්‍යස්ථානයේ හිටපු වෛද්‍යවරයකු වසර 02ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු චම්පා ඡානකී රාජරත්න
මහත්මිය එම දඬුවම වසර 25ක

කාලයකට අත්හිටුවිමට නියම කළාය.
ලිංගික අතවරයකට ලක් වූ රෝගී කාන්තාවට රුපියල් ලක්‍ෂ 02ක වන්දි මුදලක් ගෙවන ලෙස විත්තිකරුට නියම කළ විනිසුරුවරිය ඔහු රුපියල් 25,000/- දඩයකට ද යටත් කළාය. චෝදනාවට වරද පිළිගැනීම නිසා මෙලෙස දඩුවම් නියම වූයේ කළුබෝවිල රෝහලට අනුයුක්තව තිබූ චීන කටු චිකිත්සක මධ්‍යස්ථානයේ වෛද්‍ය ඩි.පී. විජේරත්නටය.
2006 මැයි මස 07 වැනිදා හෝ ඊට ආසන්න දිනයක කළුබෝවිලදී කාන්තාවකට බරපතළ ලිංගික අතවර කළ බවට විත්තිකාර
වෛද්‍යවරයාට එරෙහිව නීතිපතිවරයා විසින් නඩු පවරා තිබිණි.
මෙම නඩුව විභාග වෙමින් තිබියදී විත්තිකාර වෛද්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අනූජ ප්‍රේමරත්න මහතා අධිකරණය අමතමින් තම සේවාදායකයා මෙම චෝදනාවට වරඳ පිළිගන්නා බව දැනුම් දුන්නේය.
පැමිණිල්ල වෙනුවෙන් පෙනි සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ශමින්ද වික්‍රම මහතා අධිකරණය අමතමින් පීනස් රෝගයට ප්‍රතිකාර ගැනීම සඳහා අදාළ කාන්තාව කළුබෝවිල රෝහලට අනුයුක්ත චීන කටු චිකිත්සක ආයතනයට පැමිණි අවස්ථාවේදී විත්තිකාර වෛද්‍යවරයා ඇයට ප්‍රතිකාර කරන මුවාවෙන් බරපතළ ලෙස ලිංගික අතවර කර ඇතැයි කීය. නීතිඥ අනුර ප්‍රේමරත්න මහතා අධිකරණය අමතමින් වූ සිද්ධිය සම්බන්ධයෙන් දැඩි සේ පශ්චාත්තාප වත තම ස්වාදායකයා මෙම චෝදනාවට වරද පිළිගත්තා හෙයින් ඔහුට ලිහිල් දඬුවමක් නියම කරන්නැයි ඉල්ලා සිටියේය. ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් විනිසුරුවරිය විත්තිකරුට අදාළ දඬුවම් නියම කළාය.

(මනෝප්‍රිය ගුණසේකර)